About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Indian style Rice - ඉන්දියන් ක්‍රමේට බතක්

හදමුද ඉන්දියන් ක්‍රමේට බතක්? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ මම මේක හදපු විදිහ. මෙහෙම තමයි මම හැදුවෙ. අව…
Indian style Rice - ඉන්දියන් ක්‍රමේට බතක්
හදමුද ඉන්දියන් ක්‍රමේට බතක්? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ මම මේක හදපු විදිහ. මෙහෙම තමයි මම හැදුවෙ.

අවශ්‍ය දේවල්:
  • උයාගත් බත් (බාස්මතී වඩාත් සුදුසුයි)
  • කුඩාවට කපා ගත් ළූනු (පොටෝ එකේ දාන්න අමතක වුනා)
  • කුඩාවට කපාගත් බටු
  • තම්බා කුඩාවට කපා ගත් අල
  • තම්බා කුඩාවට කපා ගත් කැරට්
  • තම්බාගත් කඩල
  • ඉගුරැ, සුදුළූනු පේස්ට්
  • කරපිංචා
  • ලුනු
  • ගී ස්වල්පයක්
  • කඩල පරිප්පු ස්වල්පයක්
  • උලුදු ඇට ස්වල්පයක්
  • සූදුරැ ස්වල්පයක්
  • අබ ස්වල්පයක් (පොටෝ එකේ දාන්න අමතක වුනා)

සාදාගන්නා ආකාරය:
  • බාජනයක් ලිපේ තබා එය රත් වන විට ගී ස්වල්පයක් දමන්න.
  • රත් වූ ගී වලට අබ, කඩල පරිප්පු, උලුදු ඇට, සූදුරැ, කරපිංචා දමා බැදෙන්නට හරින්න.
  • ඉහත ද්‍රවය බැදීගෙන් එනකොට එයට ඉගුරැ, සුදු ළූනු පේස්ට් එක සහ කපාගත් ළූනු එක් කරන්න.
  • ලුනුද එක් කර හොදින් කලවම් කර තෙම්පරාදු වන්නට හරින්න.
  • එයටම කපා ගත් බටු එක් කරගන්න.
  • බටු සහ ළූනු හොදින් තෙම්පරාදු වන විට, කඩල, කැරට්, අල එක් කරන්න.
  • සියල්ල හොදින් තෙම්පරාදු වන්නට දෙන්න.
  • තෙම්පරාදුවට පිසගත් බත් එක් කරන්න.
  • හොදින් කලවම් කර මද වේලාවක් බත් සියල්ල සමග තෙම්පරාදු වන්නට දෙන්න.
  • වඩාත් රසවත් වීමට සහ ප්‍රියමනාප වීමට කපා ගත් කොත්තමල්ලි කොල ස්වල්පයක්, බැදගත් කජු සහ ළූනු එක් කල හැක.

තේරුණා මදි වගේනම් පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
 මේ තියෙන්නෙ මම ගත්ත දේවල්.

 බාජනයක් ලිපේ තබා එය රත් වන විට ගී ස්වල්පයක් දමන්න මේ වගේ.

 ඊටපස්සෙ රත් වූ ගී වලට අබ, කඩල පරිප්පු, උලුදු ඇට, සූදුරැ, කරපිංචා දමා බැදෙන්නට හරින්න.

 ඒ ටික බැදීගෙන් එනකොට එයට ඉගුරැ, සුදු ළූනු පේස්ට් එක සහ කපාගත් ළූනු දාගන්න.

 ඊටපස්සෙ ලුනුද එක් කර හොදින් කලවම් කර තෙම්පරාදු වන්නට හරින්න.

 එයටම කපා ගත් බටුත් දාගන්න.

බටු සහ ළූනු හොදින් තෙම්පරාදු වන විට, කඩල, කැරට්, අල ටික දාන්න.

ඊටපස්සෙ ඒ ඔක්කොම ටික හොදින් තෙම්පරාදු වෙන්න දෙන්න.

ඊටපස්සෙ ඒ තෙම්පරාදුවට පිසගත් බත් එක් කරන්න.

ඊටපස්සෙ හොදින් කලවම් කරලා ටික වේලාවක් බත් සියල්ල සමග තෙම්පරාදු වන්නට දෙන්න.

ගොඩක් රසවත් වෙන්නයි ටිකක් ප්‍රියමනාප වෙන්නයි කපා ගත් කොත්තමල්ලි කොල ටිකක්, බැදගත්ත කජු, ඒ වගේම ළූනු එක් කරන්න පුලුවන් ඔයාලට මේ වගේ. එතකොට ලස්සනයි. කන්නත් ආස හිතෙනවා.






ලිපිය ලිව්වේ: Dhanasha Tharani‎ මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment