About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Brinjal with Dried fish - බටු සමග කරවල චයිනිස් ස්ටයිල් එකට

හදමුද චයිනිස් ස්ටයිල් එකට බටුත් එක්ක කරවල? මේකත් එක්ක සුදුලූනු වැඩියෙන් දාල කංකුං ටිකක් ඩෙවල් දාගත්…
Brinjal with Dried fish - බටු සමග කරවල චයිනිස් ස්ටයිල් එකට
හදමුද චයිනිස් ස්ටයිල් එකට බටුත් එක්ක කරවල? මේකත් එක්ක සුදුලූනු වැඩියෙන් දාල කංකුං ටිකක් ඩෙවල් දාගත්ත නම් සුදු බත් එක්ක වෙන මුකුත් ඕනෙ නෑ.

අවශ්‍ය දේවල්:
  • බටු
  • කරවල
  • තෙල්
  • ඉඟුරු
  • සුදුලූනු
  • ලොකු ලූනු
  • තක්කලි
  • කෑලි මිරිස්
  • සීනි චූට්ටක්
  • ඔයිස්ටර් සෝස්, සෝයා සෝස්
  • වතුර

සාදාගන්නා ආකාරය:
  • බටු ටිකයි කරවල ටිකයි වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න.
  • තෙල් චුට්ටක් ලිපේ තියල ඒකට තලගත්තු ඉඟුරු සුදුලූනු දාල තෙම්පරාදු කරගන්න.
  • කපාගත්තු ලොකු ලූනු ටිකක් යහමින් ඒකටම එකතු කරගන්න.
  • තක්කලි, සැර අනුව කෑලි මිරිස්, සීනි චූට්ටක්, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස් ටිකක් එකතු කරගෙන ඒකට වතුර මේස හැන්දක් වගෙ පොඩ්ඩක් දාල උතුරව ගන්න.
  • ඒකට බැදගත්තු බටු සහ කරවල එකතු කරල කලවම් කරන් විනාඩි දෙක තුනක් වහල තියල ගන්න. එච්චරයි.
  • ලුණු නම් රස බලල දාගන්න. ඕන වෙන එකක් නෑ හුඟක් වෙලාවට.

 ම්ම්ම්... රසම රසයි!






ලිපිය ලිව්වේ: විශ්මි විසිණි.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment