About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Raw Papaw Curry - අමු ගස්ලබු ව්‍යාංජනය

රසම රස අමු ගස්ලබු ව්‍යාංජනයක් හදන්නේ කොහොමද කියලා බලන්නකෝ.. අවශ්‍ය දේවල්: අමු ගස්ලබු ගෙඩියක් ලොකු ලූණ…
Raw Papaw Curry - අමු ගස්ලබු ව්‍යාංජනය
රසම රස අමු ගස්ලබු ව්‍යාංජනයක් හදන්නේ කොහොමද කියලා බලන්නකෝ..

අවශ්‍ය දේවල්:
  • අමු ගස්ලබු ගෙඩියක්
  • ලොකු ලූණු
  • සුදු ලූණු
  • ඉඟුරු
  • අබ
  • කරදමුංගු
  • කරාබු නැටි
  • කුරුදු පොතු 
  • රම්පෙ
  • කරපිංචා
  • මිරිස් කුඩු
  • කහ කුඩු
  • බැදපු තුනපහ කුඩු
  • ලුණු
  • පොල් තෙල්
  • පොල් කිරි (මිටි කිරි හා දිය කිරි ලෙස වෙන වෙනම)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම ගස්ලබු ගෙඩියේ පොත්ත ඉවත් කර ගන්න.
  • අනතුරුව එහි ඇට ඉවත් කර සෝදා කැබලි වලට කපා ගන්න.
  • භාජනයකට තෙල් දමා රත් වන විට එයට සුදු ලූණු, රට ලූණු, අබ, රම්පෙ, කරපිංචා, ඉඟුරු දමා රන් වන් පැහැයට බැදගන්න.
  • පසුව මෙයට මිරිස් කුඩු එකතු කර ගන්න.
  • දැන් ගස්ලබු ටික එකතු කරන්න.
  • ඉන්පසු ඉතුරු පහේ වර්ග, රම්පෙ, කරපිංචා හා රස අනුව ලුණු දමා භාජනය පියනෙන් වසා විනාඩි පහක් පමණ මද ගින්නේ තැම්බෙන්න හරින්න.
  • දැන් දියකිරි එකතු කර ටික වේලාවක් තැම්බෙන්න තබන්න.
  • අවසාන වශයෙන් මිටි කිරි ද එක් කර තමන්ට අවශ්‍ය තරමට හිදවා ගන්න.

වැදගත්:
  • මේ සඳහා යොදා ගන්නා ගස්ලබු ගෙඩිය අමු නම් වඩාත් සුදුසු වන අතර යන්තම් පැහී ගෙන එන ගස්ලබු ගෙඩියක් වුවද සුදුසුය.
  • නමුත් ඉදුනු හෝ හොඳින් පැහී පාට වැටුනු ගස්ලබු ගෙඩි මේ සඳහා නුසුදුසුය.
 ම්ම්ම්....





ලිපිය ලිව්වේ: Tehani Kasundani මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment