About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Éclairs - ඉක්ලේයාර්ස්

ඉක්ලේයාර්ස් ප්‍රේස්ට්‍රි එක සඳහා අවශ්‍ය දේවල්: වතුර කෝප්ප 1/2 නැවුම් කිරි (fresh milk) කෝප්ප ¾ ලුණු තේ…
Éclairs - ඉක්ලේයාර්ස්
ඉක්ලේයාර්ස් ප්‍රේස්ට්‍රි එක සඳහා අවශ්‍ය දේවල්:
  • වතුර කෝප්ප 1/2
  • නැවුම් කිරි (fresh milk) කෝප්ප ¾
  • ලුණු තේහැදි 1/2
  • පොඩි කැලි කපා ගත් බටර් කෝප්ප 1/2
  • පාන් පිටි කෝප්ප 1 1/2
  • බිත්තර 6

විප් ක්‍රිම් මිශ්‍රණය සඳහා අවශ්‍ය දේවල්:
  • කිරි (milk)
  • විප් ක්‍රීම් පවුඩර් (whip cream powder)
  • අයිසින් සිනි (icing sugar)

චොක්ලට් සෝස් සඳහා අවශ්‍ය දේවල්:
  • ඩාර්ක් චොකලට් (dark chocolate)
  • කිරි (milk)

ඉක්ලේයාර්ස් ප්‍රේස්ට්‍රි (Éclairs pastry) එක සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම වතුර, ෆ්‍රේෂ් මිල්ක්(නැවුම් කිරි), බටර් හා ලුණු එකට දමා හොදින් මිශ්‍ර කර මද ගින්දරේ උණු කර ගන්න.
  • මේ සඳහා යොදා ගන්නා භාජනය නොන් ස්ටික් (nonstick) භාජනයක් නම් වඩාත් හොදයි.
  • බටර් ටික හොඳින් උණු වන තුරු සැරින් සැරේ හැදි ගාමින් මෙම මිශ්‍රණය හොදට උණු කර ගන්න.
  • බටර් ටික හොඳින් කිරි සමග දිය වු පසු ගින්දර අඩු කර එයට පාන් පිටි, ටික ටික එක් කර ගනිමින් අත ඉක්මන් කර හොඳින් හැදි ගා ගන්න.
  • මිශ්‍රණය  කැටි නොගැසී තබා ගැනීමට වග බලා ගන්න.
  • දැන් ඉක්ලේයාර්ස් මිශ්‍රණය ගුලියක් ආකාරයට ආ පසු ලිපෙන් ඉවතට ගෙන ටික වේලාවක් හොඳින් හැන්දෙන් කලවම් කර ගන්න.
  • පසුව මේ මිශ්‍රණය හොඳින් නිවෙන්නට හරින්න.
  • දැන් හොඳින් නිවුනු ඉක්ලේයාර්ස් මිශ්‍රණය වෙනත් බදුනකට දමා එයට වරකට 1 බිත්තරය බැගින් දමා ගනිමින් හොඳින් බීටර් (beater) එකෙන් බීට් (beat) කර ගන්න.
  • අවසානයේ දී ඉක්ලේයාර්ස් මිශ්‍රණය බටර් කේක් (butter cake) මිශ්‍රණයකට වඩා ටිකක් උකුවට කහ පාටට පැමිණේ.
  • දැන් බේකින් ට්‍රේ (baking tray) එකක් ගෙන එයට තෙල් කඩදාසියක් (oil paper) දමා ගෙන, බටර් (butter) බ්‍රෂ් (brush) කර ගන්න. නැතහොත් තෙල් ස්වල්පයක් ගා ගන්න.
  • දැන් ලොකු නොසල් එකක් (nozzle) ගෙන එය පයිපින් බැග් (piping bag) එකකට දමා ගන්න.
  • එයට ඉක්ලේයාර්ස් මිශ්‍රණය පුරවා ගෙන තමන් කැමති මෝස්තරයකට පරතරයක් සහිතව ට්‍රේ (tray) එකේ දමා ගන්න.
  • පසුව කලින් 210°C/410°Fට රත් කර ගත් අවන්(oven) එකකට ඉක්ලේයාර්ස් දමා ගත් ට්‍රේ එක දමා විනාඩි 15-20ක් පමණ බේක් (bake) කර ගන්න.
  • ඉක්ලියාස් රන්වන් (golden-ගොල්ඩන්) පාටට ආ පසු අවන් එකෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.


    විප්ක්‍රිම් මිශ්‍රණය සාදා ගන්නා ආකාරය:
    • විප්ක්‍රිම් පවුඩර් පැකට් එකක් ගෙන එයට කිරි ටිකක් හා අයිසින් සිනි ටිකක් දමා හොඳින් බීටර් එකෙන් බීට් (beat) කර ගන්න.
    • එය හොදට ඝනකමට බීට් (beat) කර ගත් පසු ශීතකරනයේ (fridge) තබා ගන්න.

    චොක්ලට් සෝස් එක සාදා ගන්නා ආකාරය:
    • ඩාර්ක් චොකලට් කැබලි ටිකක් ගෙන එයට බටර් ටිකක් දමා ඩබල් බොයිල් ක්‍රමයට උණු කර ගන්න. (මදක් විශාල උණු වතුර භාජනයක් ලිප තබා ඒ භාජනය තුල ගිල්විය හැකි ඊට වඩා කුඩා භාජනයක් බස්සවා එම කුඩා භාජනය තුල යමක් දිය කර ගැනීම ඩබල් බොයිල් කිරීම වේ.)
    • එයටම කිරි ටිකකුත් දමා ගෙන හොඳින් සෝස් එකක් ආකාරයට පැමිණි විට, ලිපෙන් ඉවතට ගන්න.

    ඉක්ලේයාර්ස් සාදා ගන්නා ආකාරය:
    • දැන් හදා ගත් ඉක්ලේයාර්ස්  දික් අතට මැදින් පලා ගන්න.
    • ඉන්පසුව කලින් සකස් කර ගත් විප් ක්‍රිම් මිශ්‍රණය (whip cream mixture) ස්ටාර් නොසල්(star nozzle) එක ආදාරයෙන් ඉක්ලේයාර්ස් ඇතුලට පුරවා, කැමති ආකාරයෙන් චොකලට් සෝස්(chocolate sauce) ඉක්ලේයාර්ස් උඩින් දමා ගන්න.




      ලිපිය ලියන්න කරුණු ගත්තේ Kanchana Joseph මහත්මිය ලියපු ලිපියකින්.
      wikitech.xyz
      wikitech.xyz

      Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

      Article Tag
      Newer Posts
      Older Posts
      Comment