About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Milk Rice with Sweetened Coconut - ඉඹුල් කිරිබත්

කිරිබත් සහ පොල් මලවා සකස් කර ගත් පොල් පැණි මිශ්‍රණය එක් කර සාදා ගත්  ඉඹුල් කිරිබත් කියන්නේ ලංකාවෙ ස…
Milk Rice with Sweetened Coconut - ඉඹුල් කිරිබත්
කිරිබත් සහ පොල් මලවා සකස් කර ගත් පොල් පැණි මිශ්‍රණය එක් කර සාදා ගත්  ඉඹුල් කිරිබත් කියන්නේ ලංකාවෙ සිංහල කවුරුත් දන්න, හදන්නත් බොහොම පහසු ආහාරයක්. ඉඹුල් කිරිබත් ගෙඩිය ඉඹුල් පුලුන් ගෙඩියක හැඩයට ගොඩක් සමාන නිසා තමයි මේ ආහරයට මේ නම ලැබී තිබෙන්නේ.


පොල් පැණි මිශ්‍රණය සඳහා  අවශ්‍ය දේවල්:
  • සීනි
  • එනසාල්(කරඳමුංගු) ඇට දෙක තුනක්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • පොල් කෝප්ප 2
  • ලුණු ස්වල්පයක්(රස අනුව)
  • කිරිබත් සඳහා  අවශ්‍ය දේවල්:
  • සහල් කෝප්ප 3 (රතු හෝ සුදු කැකුළු හාල්)
  • වතුර කෝප්ප 6
  • උකු පොල් කිරි(මිටි කිරී) කෝප්ප 2
  • ලුණු(රස අනුව)

පොල් පැණි සාදා ගන්නා ආකාරය:
  • සීනි කැරමල් කර ගැනීම සඳහා භාජනයක් ලිපේ තිබා සීනි ටිකක් දාමා කර කරගන්න.
  • ඉන්පසු එයට වතුර කෝප්ප කාලක් පමණ යොදා සීනි කෝප්පයක් එකතු කරගන්න.
  • සීනි පැණි එක බුබුළු දාන විට තලාගත් එනසාල් ඇට දෙක තුනක්, කුරුඳු පොතු කැබැල්ලක් සහ පොල් කෝප්ප දෙකක් එකතු කරගන්න.
  • රස අනුව ලුනු ස්වල්පයකුත් යොදා තවත් මිනිත්තු කිහිපයක් ලිප තබා පොල් ටික මලවා ගෙන ලිපෙන් බා ගන්න.
  • කිරිබත් සාදා ගන්නා ආකාරය:
  • ඔබට රයිස් කුකර් එක (rice cooker), ගෑස් ලිප (gas cooker) හෝ දර ලිප භවිතා කර කිරිබත් පිළියෙල කර ගත හැකිය.
  • සහල් කප් 3 ක් සෝදා පිරිසිදු කර වතුර කප් 6ක් සමග බත පිසගන්න. (එක් හාල් කෝප්පයකට වතුර කෝප්ප දෙකක් වන ආකාරයෙන්)
  • දැන් උකු පොලකිරි කෝප්ප දෙකකට ලුනු තේ හැදි දෙකක් පමණ මිශ්‍ර කර පිසූ බතට එම පොල්කිරි යොදා බත හොඳින් කූරු ගා ගන්න.
  • දර ලිපේ හෝ ගෑස් ලිපේ නම් ගින්දර අඩු කර ගන්න. රයිස් කුකර් එකේ නම් වෝම්(warm) එකේ තිබිය දී පොල් කිරි එකතු කර ගන්න.
  • මෙලෙස මිනිත්තු පහ හයක් යන විට කිරි හිදී කිරිබත් හැන්දෙ දැවටෙන ගානට පැමිණේ. එවිට කිරිබත ඉදී ඇත. එවිට ලිපෙන් බා ගන්න.

ඉඹුල් කිරිබත් සාදා ගන්නා ආකාරය:
  • ඉඹුල් කිරිබත් හදන්න ඕනි උණුවෙන්ම තියෙද්දි නැත්නම් කැඩෙනවා.
  • ඉටි කොලයක් ගෙන කිරිබත් හැන්දක්(බත් බෙදන ලොකු හැන්දෙන් එකක්) දාලා තුනී කර ඒ උඩින් පැණි පොල් මිශ්‍රණයෙන් මේස හැන්දක් පමණ දමා රෝල් කර ගන්න.
  • ඉන්පසු ටොෆි ඔතා ගන්නා ආකාරයට ඉටි කොලයේ දෙකෙලවර කරකවා ගන්න.
  • අවසානයේ දී හෙමීට ඉටි කොලය ඉවත් කරගන්න.

පල්ලෙ පින්තූර ටිකත් බලන්නකෝ:
ඉටි කොලේ උඩට කිරිබත් හැන්දක් දාලා තුනී කරන් පැණි පොල් ටික දාගත්තා

ඊට පස්සෙ මේන්න මේ වගේ රෝල් කරගත්තා

ඊට පස්සෙ ටොෆි ඔතා ගන්නා ආකාරයට ඉටි කොලයේ දෙකෙලවර කරකවා ගත්තා

මේ තියෙන්නෙ. ඔන්න දැන් කන්න පුලුවන්.


වැදගත්:
  • තම තමන් කැමති ආකාරයට සීනි අඩු වැඩි කිරීමෙන් පැණි පොල් මිශ්‍රණයේ පැණි රස වෙනස් කර ගත හැකිය.
  • සීනි යොදා නොගෙන පැණි හෝ හකුරු එකතු කර ගැනීමෙනුත් පැණි පොල් සාදා ගත හැකිය. එසේ සීනි වෙනුවට පැණි දමා පොල් පැණි සාදා ගන්නවා නම් පොල් කෝප්ප දෙකකට පැණි කෝප්ප කාලක් පමණ වන ආකාරයෙන් සකස් කර ගන්න. මේ සඳහා හකුරු යොදා ගනී නම් හකුරු 100g කට වතුර කෝප්ප කාලකට පොඩ්ඩක් අඩුවෙන් වන සේ වතුර යොදා හකුරු දිය කර සකස් කර ගත කැකිය.
  • පොල් පැණි වෙනුවට සීනි සම්බෝල යොදා ගෑනීමෙනුත් මෙය සාදා ගත හැහිය.
  • පැණි රසයට අකමැති අයට කෑලි මිරිස්, කූනිස්සෝ සහ ලූණු මඟින් සාදා ගත් කූනිස්සෝ බැදුම යොදා ගැනීමෙනුත් සැර ඉඹුල් කිරිබත් සාදා ගත හැකියි.
  • කිරිබත් රස්නයෙන් තිබිය දීම ඉඹුල් කිරිබත් සෑදිය යුතුය. නැතහොත් ඉඹුල් කිරිබත් ගෙඩිය කැඩීමට ඇති හැකියාව වැඩියි.
  • ඉඹුල් කිරිබත් රෝල් කර ගැනීම සඳහා කොලපත්, කිරි පිටි කවර ආදී ගැලපෙන දෙයක් භාවිතා කළ හැකිය.



ලිපිය ලියන්න කරුණු ගත්තේ katatarahata බ්ලොග් අඩවියෙන් හා, Thilini Gayathri Muthunayaka මහත්මිය ලියා තිබූ ලිපියකින්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment