About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Dhal Curry - පරිප්පු චුට්ටක් වෙනස් විදියට

මේ පරිප්පු චුට්ටක් වෙනස් විදිහට හදාගන්න විදිහ තමා මේ කියලා දෙන්න යන්නෙ. චූට්ටම චූට්ටයි වෙනස්. ගොඩක්…
Dhal Curry - පරිප්පු චුට්ටක් වෙනස් විදියට
මේ පරිප්පු චුට්ටක් වෙනස් විදිහට හදාගන්න විදිහ තමා මේ කියලා දෙන්න යන්නෙ. චූට්ටම චූට්ටයි වෙනස්. ගොඩක් අයනම් දන්නවා මේ විදිහට හදන්න.


අවශ්‍ය දේවල්:
  • පරිප්පු
  • බී ලූනූ (ටිකක් වැඩිපුර)
  • අමු මිරිස්
  • තක්කාලි
  • බෝංචි කරල් 4ක්
  • සුදු ලූනූ (ටිකක් වැඩිපුර)
  • කරපිංචා
  • රම්පේ
  • කහ ටිකක්
  • මිරිස් කුඩු ටිකක්
  • කෑලි මිරිස් ටිකක්
  • අබ
  • ලුනු
  • පොල් කිරි
  • වෙජි ඔයිල් ටිකක්

සාදාගන්නා ආකාරය:
  • අපි හැමෝම දන්නවනේ පරිප්පු හදන විදිය. අපි පරිප්පු හදාගන්න විදියට පොල් කිරි දාලා හදගන්න.
  • මම පරිප්පු වලට බෝංචි එකතු කර ගත්ත. ඔයලා කැමති විදියට කැරට්, මාලු මිරිස්, ලූනු කොල එකතු කරගන්න පුලුවන්. ලූනු කොල දානවනම් ලිපෙන් ගත්තම උඩින් දාන්න. අපි දැන් පරිප්පු එක සාමන්‍ය විදියට හැදුවනේ.
  • භාජනයක් ලිපේ තියල ඒකට තෙල් ටිකක් දාල තෙල් රත් වෙනකොට අබ දාන්න.
  • අබ පුපුරනකොට රම්පෙ කරපිංචා සුදු ලූනු දමා ටිකක් බැදෙනකොට බී ලූනු ටිකකුත් දාන්න
  • ඒකටම කෑලි මිරිස් ටිකකුත් දාන්න.මේ ටික හොදින් බැදුනම පරිප්පු එකට එකතු කරන්න.
  • තක්කාලි ටික අන්තිමට එකතු කරගන්න.



ලිපිය ලිව්වේ: සදු හේවගේ විසිණි.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment