About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Banana pudding - කෙසෙල් වලින් පුඩිමක් හඳමු

මම හැදුවා කෙසෙල් වලින් පුඩිමක්. මේ තියෙන්නෙ මම හදපු විදිහ. අවශ්‍ය දේවල්: හොඳින් ඉදුනු කෙසෙල් ග්‍රෑම් …
Banana pudding - කෙසෙල් වලින් පුඩිමක් හඳමු

මම හැදුවා කෙසෙල් වලින් පුඩිමක්. මේ තියෙන්නෙ මම හදපු විදිහ.

අවශ්‍ය දේවල්:
  • හොඳින් ඉදුනු කෙසෙල් ග්‍රෑම් 300
  • කිරි කෝප්ප 2
  • බිත්තර 3ක කහමද
  • පාන් පිටි ග්‍රෑම් 80
  • සීනි ග්‍රෑම් 160
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • ලුනු ස්වල්පයක්
  • කුකින් චොක්ලට් ග්‍රෑම් 100
  • බටර් මේස හැඳි 2
  • එග් යෙලෝ කලරින් බින්දුවක්

ටොපින් එකට: (උඩින් දාලා තියෙන සුදු පාට මිශ්‍රණයට)
  • සීනි මේස හැදි 1 ½
  • බිත්තර සුදු මද 3
  • වැනිලා ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:
  • කෙසෙල් කුඩාවට කපා ගන්න.
  • කුකින් චොක්ලට් ග්‍රේට් කර ගන්න.
  • බිත්තර සුදුමද කහමද වෙන්කර ගන්න.
  • බේකින් පවුඩර් හා පිටි මිශ්‍ර කර ගන්න.
  • සීනි, ලුනු, හා බිත්තර කහමද බටර් හොඳින් බීට් කර ගන්න.
  • ඉන්පසු බිට් කර ගත් බිත්තර මිශ්‍රනයට පිටි සහ බේකින් පවුඩර් මිශ්‍රනය ටික ටික මිශ්‍ර කර ගනිමින් බීට් කර ගන්න.
  • දැන් කිරි කෝප්ප 2කට කෙසෙල් කපා දමා හොඳට බ්ලෙන්ඩ් කර ගන්න.
  • ඉන්පසු බීට්කරගත් බිත්තර පිටි මිශ්‍රනයට කිරි කෙසෙල් බ්ලෙන්ඩ්කරගත් මිශ්‍රනයත් දමා හොඳින් මිශ්‍රකරගන්න.
  • එග් යෙලෝ කලරින් බ්න්දුවක් දමා ගන්න. (කැමතිනම් ග්‍රේට්කරගත් කුකිං චොක්ලට් මෙම මිශ්‍රනයට දමා ගත හැකියි)වැනිලා ස්වල්පයක් දමා ගන්න.
  • දැන් අවන් එකට දැමීමට සුදුසු භජනයක් ගෙන කැමතිනම් චොප්කරගත් කෙසෙල් ටිකකුත් දමා ඊට උඩින් මිශ්‍රනය දමා ගන්න.( මමනම් චොප්කරගත් කෙසෙල් ගෙඩි ග්‍රෑම් 250ක් විතර දැම්මා)
  • දැන් මෙය අංශක 350Cක උශ්නත්වයත්වයට අවන් එකක විනාඩි 20ක් හෝ මයික්‍රොවේව් අවන් එකක විනාඩි8-9ක් බේක් කර ගන්න.
  • ඉන්පසු පැය 1 ½ ක් ශීතකරණයක තබා ගන්න
  • දැන් බිත්තර සුදුමද 3 හොඳින් බීට් කරගන්න.බීට්කරගන්නා ගමන්ම සිනි මේස හැකි 1 ½ත් දමා බිට් කර ගන්න.වැනිල් ස්වල්පයක් ද දමාගන්න. බිට් කරගත් අවසනානයේදී හිම කන්දක් සේ තිබිය යුතුයි.
  • දැන් නැවත ශීතකරණයෙන් ගෙන පුඩිං එක උඩට ග්‍රේට් කරගත් කුකිං චොක්ලට් දමා ගන්න
  • ඊට උඩින් බීට් කරගත් බිත්තර සුදුමද හැන්දකින් දමා ගන්න.
  • නැවත විනාඩි 4ක් මයික්‍රොවේව් අවන් එකේ බේක් කර ගන්න (සාමාන්‍ය අවන් එකක නම් විනාඩි 7-8ක් බේක් කලාම ඇති වෙයි) මම නම් හැදුවේ මයික්‍රොවේව් අවන් එකක.





ලිපිය ලිව්වේ: Nalani Desilva මහත්මිය.
මුල් ලිපිය මෙතනින් බලන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment