About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Eggs - බිත්තර තෙම්පරාදුවක්

කහ මද නොකැඩී තියාගෙන බිත්තර තෙම්පරාදුවක් දා ගන්න විදිහ තමා දැන් ඔයාලට අපි කියලා දෙන්න හදන්නේ. හැමදා…
Eggs - බිත්තර තෙම්පරාදුවක්
කහ මද නොකැඩී තියාගෙන බිත්තර තෙම්පරාදුවක් දා ගන්න විදිහ තමා දැන් ඔයාලට අපි කියලා දෙන්න හදන්නේ. හැමදාම එකම විදිහට බිත්තර තම්බන  හෝ ඔම්ලට් දාන එකේ, බලන්නකෝ මේ ව්දිහට තෙම්පරාදුවක් හදලා ඔයාලත්. ඉදලා හිටලා වෙනසකුත් තියෙන්න එපායැ.

 
අවශ්‍ය දේවල්:
  • තම්බා 6ට පලා ගත් බිත්තර 3
  • බී ලූණු ගෙඩි 2
  • කරපිංචා
  • රම්පෙ
  • අමුමිරිස්
  • තක්කාලි හෝ සියබලා
  • කුරුඳු පොත්තක්
  • උළුහාල්  චුට්ටක්
  • කෑලි මිරිස් ටිකක්
  • මිරිස් කුඩු ටිකක්
  • ලුනු
  • ගම්මිරිස් කුඩු
  • අබ
  • තෙල්

සාදා ගන්නා ආකාරය:
  • බී ලූණු, අමු මිරිස් හා තක්කාලි සිහින්ව කපා ගන්න. (සියඹලා යොදා ගන්නවා නම් ඒවා වතුරෙන් පොගවා ඇට ඉවත් කර ගන්න.)
  • එයට කෑලි මිරිස්, මිරිස් කුඩු, ලුනු, ගම්මිරිස්, කුරුඳු, උළුහාල් දමා ගන්න.
  • දැන් සියල්ල අතින් කවලම් කර ගන්න.
  • තෙල් ටිකක් ලිපේ තබා රත් වූ පසු කරපිංචා, රම්පෙ සහ අබ දමා පුපුරුවා ගෙන ඉහත මිශ්‍රණය දමා මද ගින්නේ බී ලූණු මෘදු වන තෙක් පිස ගන්න.
  • අවසානයේ දී බිත්තර කැබලි දමා පැතලි හැන්දකින් පරිස්සමින් කහ මද නොකැඩෙන සේ කවලම් කර ගන්න.



ලිපිය ලිව්වේ: Ruwanthika Madushani මහත්මිය.
මුල් ලිපිය අවශ්‍යනම් මෙතනින් බලන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment