About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Puhul Dosi - පුහුල් දෝසි

අවශ්‍ය දේවල්: කිලෝ ග්‍රෑම් 2 1/2 ක් පමණ බර ඇති පුහුල් ගෙඩි 1 යි සීනි කිලෝ 1 යි කරදමුංගු කුඩු තේහැඳි 1 ස…
Puhul Dosi - පුහුල් දෝසි
අවශ්‍ය දේවල්:
  • කිලෝ ග්‍රෑම් 2 1/2 ක් පමණ බර ඇති පුහුල් ගෙඩි 1 යි
  • සීනි කිලෝ 1 යි
  • කරදමුංගු කුඩු තේහැඳි 1

සාදාගන්නා ආකාරය:
  • හොඳ පුහුල් ගෙඩියක් ගෙන මද සහ ඇට ඉවත් කර ගෑරප්පුවක්, ගේටරයකින් හෝ හිරමනයකින් ගාගන්න.
  • අනතුරුව ලේන්සුවක් ආධාරයෙන් පුහුල් වල වතුර මිරිකා හැර බේසමකට දමාගන්න. වතුර නටවා ගා ගත් පුහුල් වලට උඩට සිටින සේ වත්කර භාජනයකින් වසන්න. (තැම්බෙන්න)
  • ටික වේලාවකින් නැවතත් ලේන්සුවෙන් වතුර බේරාගන්න. තවත් වතුර ඇත්නම් ඒවාද බේරීමට එල්ලා තබන්න.
  • ඉන්පසු හොදින් මිරිකා වතුර ඉවත් තරගත් පුහුල් හා සීනි තාච්චියට දමා ලිප තබා හැඳිගාන්න. (කර නොවී සීනි දිය වෙන්නෙම නැත්නම් වතුර පොඩ්ඩකුත් දාන්න)
  • පදමට එනවිට කරදමුංගු ආදි සුවඳ ද්‍රව්‍යන් ද දමන්න.
  • තාච්චිය වටේ සීනි වියළී එන පදමේදි ලිපෙන් ඉවත්කර බන්දේසි ලෑල්ලක තුනී කරගෙන කැබලි කපාගන්න.
  • දැන් එම කැබලි සීනි අතුරන ලද භාජනයකට දමා පෙරළා ගන්න.

වැදගත්:
  • හොඳ ලේන්සුවක්/ පිරිසිදු රෙදි කඩක් නැතිනම් වතුර බේරා හැරිය හැකි යමක් භාවිතා කරන්න.

මේ ජායාරූප ටිකත් ටිකක් බලන්න:
සීනි දැන්මා තාච්චියට

 පුහුලුත් තාච්චියට දාලා හොදින් හැදිගාන්න.

ලිපිය ලිව්වේ: Gayana Nethmi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment