About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mun Parippu Curry - මුං පරිප්පු ව්‍යංජනය (කබලෙ බැදලා උයන විදිය)

මුං පරිප්පු කබලෙ බැදලා උයන විදිහ තමා දැන් කියලා දෙන්න යන්නෙ. මම මුං පරිප්පු ගත්තෙ කඩෙන්. නැත්නම් මු…
Mun Parippu Curry - මුං පරිප්පු ව්‍යංජනය (කබලෙ බැදලා උයන විදිය)
මුං පරිප්පු කබලෙ බැදලා උයන විදිහ තමා දැන් කියලා දෙන්න යන්නෙ. මම මුං පරිප්පු ගත්තෙ කඩෙන්. නැත්නම් මුං ඇට පියලි කරලත් මුං පරිප්පු හදා ගන්න පුලුවන්.

අවශ්‍ය දේවල්:
  • මුං පරිප්පු
  • රතු ලූනු
  • සුදු ලූනු
  • අමු මිරිස්
  • රම්පෙ
  • කරපිංචා
  • කහකුඩු
  • මිරිස් කුඩු චුට්ටක්
  • තුනපහ කුඩු චුට්ටක්
  • ලුණු

සාදාගන්නා ආකාරය:
  • මුං පරිප්පු ටික කබලේ බැද ගන්න. එතකොට හොඳ සුවඳකුත් දැනෙනවා.
  • බැද ගත් පරිප්පු ටික ටිකක් වෙලා පෙඟෙන්න දාන්න.

පරිප්පු  ටික දැන් හරි මේ තියෙන්නෙ මම ඒක උයපු විදිය:
  • පොඟවා ගත් පරිප්පු ටිකට සිහින්ව කපා ගත් රතු ලූනු, සුදු ලූනු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, කහකුඩු / මිරිස් කුඩු චුට්ටක්, තුනපහ කුඩු චුට්ටක් දාලා වතුරෙන් තම්බා ගන්න. හොඳින් තැම්බුනාම රස අනුව ලුණු එකතු කරන්න.
  • මිටිකිරි චූට්ටක් දමන්න.
  • හොඳින් උයාගෙන ලිපෙන් අයින් කරන්න.

වැදගත්:
  • ඔය දාලා තියෙන්නෙ මන් හදපු විදිහ. මුං පරිප්පු කබලේ බැදලා පෙගෙන්න දාලා  ඊට පස්සෙ සාමාන්‍යෙන් පරිප්පු උයන විදියටම උයා ගත්තනම් හරි.

ලිපිය ලිව්වේ: පියුමි තණවීර ආරච්චි මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment