About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Drumstick & Egg Curry - මුරුංගා බිත්තර කරිය

අවශ්‍ය දේවල්: මුරුංගා කරල් 1හෝ 2ක් බී ළූනු ගෙඩි 2 - කුඩාවට කපා තක්කාලි ලොකු ගෙඩි 1 - කුඩාවට කපා මිරිස්…
Drumstick & Egg Curry - මුරුංගා බිත්තර කරිය
අවශ්‍ය දේවල්:
  • මුරුංගා කරල් 1හෝ 2ක්
  • බී ළූනු ගෙඩි 2 - කුඩාවට කපා
  • තක්කාලි ලොකු ගෙඩි 1 - කුඩාවට කපා
  • මිරිස් කුඩු තේ හැදි 1 (රස අනුව ගන්න )
  • කොත්තමල්ලි කුඩු තේ හැදි 1/2 - 3/4
  • ලුණු රස අනුව
  • තෙල් මේස හැදි 2
  • කොත්තමල්ලි කොළ ටිකක්
  • අබ තේ හැදි 1/2
  • වියළි මිරිස් කරල් 1-2
  • සුදුළූණු බික් 3-4ක් තලා
  • කරපිංචා

සාදාගන්නා ආකාරය:
  • මුරුංගා අගල් 2 පමණ කෑලි කපාගන්න.
  • තෙල් ටිකක් රත්කර එයට තම්බපු බිත්තර දමා රන්වන් පාටට පෙරලමින් ටිකක් බැදෙන්නට හරින්න.
  • ඒ අතර ලුණු ටිකක් ඉසගන්න.
  • එය භාජනයෙන් ඉවත්කර ගන්න.
  • දැන් එම භාජනයටම මුරුංගා ටිකත් දමා ලුණු ටිකක් ඉස විනාඩි 1-2ක් පෙරලමින් පිසගන්න.
  • එයත් දැන් භාජනයෙන් ඉවත්කර ගන්න.
  • එම භාජනයටම නැවත තෙල් ටිකක් දමා අබ දමා පුපුරන විට වියළි මිරිස්, සුදුළූණු හා කරපිංචා දමා තත්පර කිහිපයක් පිසගන්න. පුච්චගන්න එපා.
  • එයට ළූනු දමා වර්ණ වෙනස් වනවිට මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු හා ලුණු මිශ්‍රකර ගන්න.
  • දැන් එයට තක්කාලි හා මුරුංගා එකතුකර මිශ්‍රකර විනාඩි 2-3ක් භාජනය වසා පිසගන්න.
  • දැන් එයට තම්බා බැදගත් බිත්තර එක්කර මද ගින්දරේ විනාඩි 2ක් පිසගන්න.
  • වතුර කෝප්ප 2ක් එක්කර තරමක් හොදි ගතිය තිබෙන්නට පිසගන්න. විනාඩි 10-12ක් පමණ.
  • ලුණු බලාගන්න.
  • කොත්තමල්ලි කොළ ටිකකින් ගානිශ් කරගන්න.

වැදගත්:
  • බිත්තර ඇතුළතටත් හොදි ගතිය යන්නට අවශ්‍යනම් පිහි තලයකින් බැදගත් බිත්තර වලට ඇනීමක් කරගන්න වෙන් නොවන ලෙස.

ලිපිය ලිව්වේ: නෙරන්ජලා ප්‍ර‍නාන්දු මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment