About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Modakan - මෝදකන්

මේ තියෙන්නේ මෝදකන් මෝදකන් කියන කැවිලි වර්ගය අපි පූජා කරන්නේ ගණ දෙවියන්ට. දැන් ඔයාලා දන්නවනේ මේ මොනවද …
Modakan - මෝදකන්
මේ තියෙන්නේ මෝදකන්

මෝදකන් කියන කැවිලි වර්ගය අපි පූජා කරන්නේ ගණ දෙවියන්ට.

දැන් ඔයාලා දන්නවනේ මේ මොනවද මේවා කාටද පූජා කරන්නේ කියලා. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මේක ඉතාම රසවත්.
 

අවශ්‍ය දේවල්:
  • හාල් පිටි (රතු පාටට එහෙම ඕනේනම් රතු හාල් පිටි ටිකක් ගන්න)
  • ලුණු
  • වතුර
  • හදාගත්ත පැණි පොල් ටිකක්
  • මෝදකන් හදන අච්චුවක් (තියේනම්)

සාදාගන්නා ආකාරය:
  • හාල් පිටි ටිකක් අරගෙන steamer එකෙන් තම්බන්න.
  • නිවුනම ලුණු චුට්ටක් හා වතුර දාලා හොඳට අනන්න. පොඩියට බෝල හදන්න.
  • එක බෝලයක් අරගෙන රොටියක් වගේ තුනියට රවුමට හදන්න. ඊටපස්සේ ඒ මැදට පැණි පොල් චුට්ටක් තියල රොටිය වටෙන් උස්සලා වහන්න.
  • අතින් හොඳට කැවුම වගේ හදන්න (මෝදකන් හදන අච්චුවක් තිබ්බානම් පිටි ටික තියලා ඇතුලට පැණි පොල් දාලා වහන එක විතරයි තියෙන්නෙ. අච්චුව දැක්කම හිතාගන්න පුලුවන් කරන්න ඕන දේ)
  • මේ විදියට ඔක්කොම බෝල ටිකෙන් හදලා ආයිමත් විනාඩි 10 ක් විතර steamer එකෙන් තම්බන්න. එච්චරයි.

අතින් හදදී මේ විදිහට හෙමිහිට ලස්සනට හදා ගන්න. කම්මැලි කමට බෝල එහෙම හදා ගන්න එපා. මොකද කැවිල්ලකට සාමාන්‍යයෙන් ඒකටම ආවේනික හැඩයක් තියෙනවනේ.

 අච්චුවක් තියේනම් වැඩේ ලේසී

කඩේ මේ විදිහේ අච්චුත් තියෙනවා.

 
ලිපිය ලියන්න කරුණු ටිකක් Udeni Liyana Arachchi මහත්මිය ලියපු ලිපියකිනුත් ගත්තා.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment