About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Prawns and beans curry - ඉස්සෝ සමග බෝංචි

මමනම් මේක හැදුවේ මහත්තයට දවල් කෑම එක විදිහට උදේ යද්දී අරන් යන්න කියලා. ටෙස්ට් කරන්න තමා හැදුවේ. ඔයා…
Prawns and beans curry - ඉස්සෝ සමග බෝංචි
මමනම් මේක හැදුවේ මහත්තයට දවල් කෑම එක විදිහට උදේ යද්දී අරන් යන්න කියලා. ටෙස්ට් කරන්න තමා හැදුවේ. ඔයාලත් කැමතිනම් හදලා බලන්නකෝ.

අවශ්‍ය දේවල්:
  • ඉස්සෝ
  • ලුණු
  • ගම්මිරිස්
  • සාමාන්‍ය විනාකිරි
  • අබ ටිකක්
  • ඉගුරු
  • සුදු ළූණු
  • රම්පේ
  • කරපිංචා
  • කොටු කපා ගත් ළූණු
  • මිරිස් කුඩු ටිකක්
  • කෑලි මිරිස් ටිකක්
  • කහ ටිකක්
  • අමු මිරිස්
  • සූටි ගොරකා කෑල්ලක්
  • පොල් කිරි

සාදාගන්නා ආකාරය:
  • ඉස්සෝ හොදට සුද්ද කරලා ඒකට ලුණු, ගම්මිරිස් දාලා හොදට අතගා ගෙන ටික වෙලාවක් තියන්න. සාමාන්‍ය විනාකිරි බිංදු 2ක් 3ක් දමන්න.
  • තෙල් ටිකක් රත් වෙන්න තියලා අබ ටිකක් පුපුරවා ගන්න.
  • ඒකටම තලා ගත් ඉගුරු, සුදු ළූණු, රම්පේ, කරපිංචා, කොටු කපා ගත් ළූණු එකතු කරලා රන්වන් පාට වෙනකල් බැදගන්න.
  • ඉස්සෝ ටිකටම මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක්, කහ ටිකක් දාලා කලවම් කරලා ඒකත් අර තෙලටම දාලා ටික වෙලාවක් බැදෙන්න තියන්න.
  • බැදුණට පස්සේ බෝංචි ටික සහ අමු මිරිස් ටිකක් එකතු කරලා තව ටික වෙලාවක් තියන්න.
  • මුහුදු ආහාර වලට තක්කාලි දාන්න හොද නෑ කියලා මම අහලා තිබ්බා. ඒ නිසා තක්කාලි නොදා සූටි ගොරකා කෑල්ලක් දැම්මා.
  • බෝංචි වල කොළ පාට යන්න කලින් පොල් කිරි ටිකක් දාලා හින්ද ගන්න. මම ගොඩාක් හොදි තියන්නේ නැති නිසයි හින්දුවේ. කෑම එකට නේ. ඕන නම් හොදි තියාගන්න. ඔච්චරයි!!


ලිපිය ලිව්වේ: Koshala Perera Wickramaarachchi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment