About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Potato Salad - අර්තාපල් සලාදය

හදමුද ලස්සන අර්තාපල් සලාදයක්. ලස්සන වගේම රසවත්. අවශ්‍ය දේවල්: අර්තාපල් 500g චීස් 250g (මම දැම්මෙ Kraft…
Potato Salad - අර්තාපල් සලාදය
හදමුද ලස්සන අර්තාපල් සලාදයක්. ලස්සන වගේම රසවත්.

අවශ්‍ය දේවල්:
  • අර්තාපල් 500g
  • චීස් 250g (මම දැම්මෙ Kraft චීස්)
  • බී ළුණු ගෙඩියක්
  • තක්කාලි ගෙඩියක්
  • රතු බෙල් පෙපර්ස් ටිකක්
  • කොත්තමල්ලි / පාස්ලී කොළ ටිකක්
  • ලෙමන් යුෂ
  • ගම්මිරිස් කැබලි ටිකක්
  • ලුණු කුඩු
  • Mayonnaise මේස හැන්දක් (මේවා නැත්නම් ගන්න පුලුවන් විකල්ප දේවල් පල්ලෙ තියෙනවා)
  • ඔලිව් තෙල් (Olive oil) තේ හැන්දක්
සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අර්තාපල් ටික ලුණු දමා තැම්බෙන්න තියන්න.
  • තැම්බුන පසු පොතු ඉවත් කර පොඩි කොටුවට කපන්න.
  • චීස් ටිකත් ඒ ප්‍රමාණයටම කොටු කපන්න.
  • ළුණු, පෙපර්ස්, තක්කාලි ඊට වඩා පොඩියට කොටුවට කපන්න.
  • කොත්තමල්ලි / පාස්ලී කොළ ටික ඉතා සිහින්ව කපන්න. (මම දැම්මේ පාස්ලී කොළ. ගෙදර වවල තියෙන නිසා පහසුයි.)
  • ඊට පස්සේ ඒකට රස අනුව ලුණු, ගම්මිරිස්, ලෙමන් යුෂ දාල mayonnaise ටිකත් දාල අල ටික පොඩි නොවන සේ අනා ගන්න.
  • ඔලිව් තෙල් (Olive oil) අවශ්‍ය නම් විතරක් දාන්න. නැතුවත් රසයි.

වැදගත්:
  • Mayonnaise නැති අයට ඒ වෙනුවට අබ කුඩු හෝ අබ ක්‍රීම් චුට්ටක් දාල, Curd හෝ යෝගට් චුට්ටක් දාල අනා ගන්න පුළුවන්.
 මේ තියෙන්නෙ මම හදපු සලාදෙ






ලිපිය ලිව්වේ: Udeni Liyana Arachchi මහත්මිය.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Newer Posts
    Older Posts
    Comment