About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Banana Pepper Curry - මාලු මිරිස් කරිය

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදිහට මාලු මිරිස් කරියක් හදාගන්න විදිහ. ඔන්න තාම දවල්ට බත්…
Banana Pepper Curry - මාලු මිරිස් කරිය
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදිහට මාලු මිරිස් කරියක් හදාගන්න විදිහ. ඔන්න තාම දවල්ට බත් කාපු නැති අය එහෙම ඉන්නවනම් මේකෙන් චුට්ටක් දාගන්නකෝ. ඔය කිව්වට ඔක්කොම කාලා නෙහ්.. ඒ කියන්නෙ ඔක්කොම මට. කොහොමද මොලේ.. 3 පහු උනාම තමා මේ වගේ රස රස කෑම දාන්න ඕන. එතකොට අපේ ඉවුම් පිහුම් කට්ටියම කාලානෙ... හී හී.. මේ ඉවුම් පිහුම් ඇප් එක කරන සෙට් එකනම් සෑහෙන්න බඩජාරියො ටිකක් නේද?



අවශ්‍ය දේවල්:
  • මාලු මිරිස්
  • තෙල්
  • බීලූනු
  • සුදු ලූනු
  • රම්පෙ, කරපින්චා
  • කහ කුඩු
  • අමු තුනපහ කුඩු
  • කෑලි මිරිස්
  • ලුනු කුඩු
  • උලුහාල් ඇට කීපයක්
  • තක්කලි ගෙඩියක්
  • මිටි කිරි පොඩ්ඩක්
  • බිත්තරයක්

සාදාගන්නා ආකාරය:
  • මාලු මිරිස් ටික පොඩියට කපාගන්න.
  • තෙල් ටිකක් ලිප තියලා ඒකට රවුමට කපාගත්තු තරමක බීලූනු ගෙඩියක් දාගන්න.
  • ඒක කලවම් කරලා, සුදු ලූනු බිකක්, රම්පෙ, කරපින්චා දාලා තෙම්පරදු කරන්න.
  • දැන් ඒකට කහ කුඩු, අමු තුනපහ කුඩු, කෑලි මිරිස්, ලුනු කුඩු, උලුහාල් ඇට කීපයක් දාගන්න.
  • අන්තිමට තරමක තක්කලි ගෙඩියක් දාන්න. තක්කලි ටික හොදට බුබුලු දාද්දි මාලු මිරිස් ටික එකතු කරලා, වහලා, ගින්දර අඩු කරලා, තෙලෙන් තැම්බෙන්න තියන්න.
  • හොදට තෙලෙන් තැම්බුනාම මිටි කිරි පොඩ්ඩක් එකතු කරලා ගින්දර වැඩි කරලා උතුරවා ගන්න.
  • කිරි ටික හොදට නටද්දි ඒකට බිත්තරයක් කඩලා දාන්න.
  • බිත්තරේ දාලා හොදට කලවම් කරලා ලිප නිවන්න. හරිම රසයි!

 හරිම රසයි මේ විදිහට හදලා !








ලිපිය ලිව්වේ: දේදුනු විමලතුංග මහත්මිය. මේ විදිහට මාලු මිරිස් කරියක් හදන හැටි ඇයට කියලා දීලා තියෙන්නෙ ඇයගේ යාලුවා Tharanga Sewwandi.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment