About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Masala Vegetable Curry - මසලා එළවළු ව්‍යාංජනය

ඔන්න කියලා දෙන්න යන්නෙ හදාගන්න විදිහ. මේක රසවත් වගේම මස්මාලු නොකන අයටත් නියමයි. ඒවගේම ගෙදර ටික ටික …
Masala Vegetable Curry - මසලා එළවළු ව්‍යාංජනය
ඔන්න කියලා දෙන්න යන්නෙ හදාගන්න විදිහ. මේක රසවත් වගේම මස්මාලු නොකන අයටත් නියමයි. ඒවගේම ගෙදර ටික ටික ඉතුරුවෙන එළවලු ඔක්කොම එකතුකරලා රසට හදාගන්න පුලුවන්.
අවශ්‍ය දේවල්:
  • මිරිස් කුඩු, කහ කුඩු, මසාලා තුනපහ කුඩු (මේසහැන්ද ගානේ)
  • අබ, සූදුරුඇට (තේහැන්දක් පමණ)
  • තලාගත් ඉගුරු, සුදුලුණු (මේසහැන්ද ගානේ)
  • රම්පෙ, කරපින්චා, තලාගත් සේර කෑල්ලක්
  • (මසාලා තුනපහ කුඩු ගන්නවානම් එපා. ඒවානැත්නම් තලාගත් කුරුදු කෑල්ලක්, එනසල් හා කරාඹුනැටි, ගම්මිරිස්කුඩු ටිකක්, සදික්කා කුඩු ටිකක් තුනපහ කුඩු එකතුකරගන්න.)
  • පොඩිවට කපාගත් බීළූණු ගෙඩියක්.
  • කැරට්, ගොවා, අල, ග්‍රීන්පීස්, බොංචි, කෝර්න්, මෑ, හතු, කෝලිෆ්ලොවෙර්, බ්‍රොකලිතක්කාලී වගේ ඔයාලා කැමති එළවළු හෝ තියෙන එළවළු පොඩියට කපාගන්න ඔයාලට අවශ්‍යතරම්.
  • තෙල් මේසහැදි දෙකතුනක්
  • රසතරම් ලුනු
  • පොල්කිරි

සාදාගන්නා ආකාරය:
  • වළදක් රත්වෙන්න තියලා තෙල්ටික දාන්න.
  • ඒක රත්වෙද්දිදී අබ, සූදුරු දාන්න. ඊලගට රම්පෙ කරපින්චා, තලාගත් සේර ද, ඊලගට සුදුලූනූ ඉගුරු ද, ඊලගට මිරිස් කහ තුනපහ කුඩු එකතුකරලා විනාඩියක් පමන රත්වෙන්න තියන්න.
  • දැන් ඒකට එළවළු එකතුකරන්න. තෙලෙන් අඩුගින්දරින් විනඩි පහක් පමණ තියලා දියකිරි හෝ උණුවතුර කෝපයක් විතර එකතුකරලා අඩු ගින්දරින් විනාඩී දහයක් පමණ උයාගන්න. එළවළු පොඩි නිසා ඉක්මනින් ඉදෙනවා.
  • ඊලගට මිටිකිරි ටික දාලා විනාඩියකින් විතර ලිපෙන් ගන්න. මදිනම් ලුනුටිකකුත් දලා රස බලලාම ගන්න.

වැදගත්:
  • ඔයාලගෙ රස අනුව තුනපහ මිරිස් පොල් කිරි තෙල් අඩු වැඩි කරගන්න. මේක හොදි අඩුවෙන් හින්දලත් අරන් රසයි. මස්මාලු කන එක අවුලක් නෙමේනම් වෙජිටේරියන් නෙමේනම් කැමතිනම් කුකුල්මස් හෝ මස් වතුර, චිකන් රසකාරක යොදාගන්නත් පුලුවන්. එහෙම රසයි. මම අන්තිමට මස් මාලුවකට ගන්න බැදලා කුඩු කරලා තිබුන කජු කුඩු ටිකකුත් දැම්මා.
  • අන්තිමට ලූණුකොල හරි කොත්තමල්ලි කොල ටිකක් හරි කපලා උඩින් දාලා ගන්න.




ලිපිය ලිව්වේ: Wasanthi Ranthilaka මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment