About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Beans Curry - බෝංචි කිරට උයලා

කොළපාටට මෙහෙම ඉව්වේ කොහොමද කියල අහපු යහළුවන්ට මේ. අමුතු දෙයක් නැහැ. මම හදන්නේ මෙහෙමයි. අවශ්‍ය දේවල්: …
Beans Curry - බෝංචි කිරට උයලා
කොළපාටට මෙහෙම ඉව්වේ කොහොමද කියල අහපු යහළුවන්ට මේ. අමුතු දෙයක් නැහැ. මම හදන්නේ මෙහෙමයි.

අවශ්‍ය දේවල්:
  • බෝංචි
  • බී ලුණු, අමුමිරිස්, සුදුලුනු, කරපිංචා
  • කහකුඩු ටිකක්, බැදපු උළුහාල් චුට්ටක්, කුරුඳු පොත්තක් හා ලුණු කුඩු
  • වතුර
  • උකුම මිටිකිරි
  • ලුණු

සාදාගන්නා ආකාරය:
  • බෝංචි ටික අඟල් 2 විතර කෑලි වලට කපල මැද්දෙන් දෙකට පලන්න.
  • එකටම හීනියට ලියාගත් බී ලුණු, අමුමිරිස්, සුදුලුනු, කරපිංචා දමන්න.
  • පහේ වලට දාන්නේ කහකුඩු ටිකක්, බැදපු උළුහාල් චුට්ටක්, කුරුඳු පොත්තක් හා ලුණු කුඩු විතරමයි.
  • මේ ටික මැටි අතිලියට දාල කලවම් කරලා වතුර බොහොම පොඩ්ඩක් (බෝංචි 250g ක් නම් වතුර මේස හැඳි 2ක් විතර) දාලා පියනෙන් වහලා මද ගින්නේ තැම්බෙන්න තියන්න.
  • බෝංචි ටික හොඳ කොලපාට තියෙද්දී යන්තම් තැම්බෙන කොට උකුම මිටිකිරි චුට්ටක් දාල හැඳි ගාල ඇරලා තියන්න. ගින්දර යන්තම් තියන්න. මෙවෙලේම ලුණු රස බලල තව ඕනිනම් දාන්න.
  • කිරි උතුරද්දී බෝංචි තැම්බිලා ඇතුලට රසත් උරාගෙන හොඳට එනවා. කිරි හිඳෙන කොට ලිපෙන් බාන්න.




ලිපිය ලිව්වේ: Udeni Liyana Arachchi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment