About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Alu Kesel Devel - අළු කෙසෙල් ඩෙවල්

ඔන්න අපිට අලුත් මිතුරියක් ඇවිල්ලා!! ඔයාලා වගේම අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එක බලන "මයු…
Alu Kesel Devel - අළු කෙසෙල් ඩෙවල්
ඔන්න අපිට අලුත් මිතුරියක් ඇවිල්ලා!! ඔයාලා වගේම අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එක බලන "මයුරි නිසංසලා" මිතුරිය තමයි අළු කෙසෙල් ඩෙවල් එක හදන විදිහ ඔයාලට කියලා දෙන්න කියලා අපිට එව්වෙ. රසම රසයිලුනෙ.. හැමදාම එකම විදිහට හදන අළු කෙසෙල් මේ විදිහට හදලා බලමුද එහෙනම් ? හදමු හදමු. අමුතු අමුත් දේවල් ඕන වෙන්නෙත් නෑනෙ. හරිම ලේසී හදන්නත්.

අවශ්‍ය දේවල්:
  • පොතු හැර කැබලි කරගත් අළු කෙසෙල් ගෙඩි 6
  • කොටු කපාගත් බී ළුණුගෙඩි 2
  • මාළු මිරිස් කරල් 4
  • රම්පෙ, කරපිංචා
  • ලුණු ටිකක්
  • රස අනුව ගම්මිරිස් කුඩු
  • කෑලි මිරිස් මේස හැදි 2
  • කහ කුඩු ටිකක්
  • තෙල් අවශ්‍ය පමනට
සාදාගන්නා ආකාරය:
  • අළු කෙසෙල් පොතු හැර කැබලි කපා පොල් ටිකක් දමා කහට ඉවත් කර සෝදා ගන්න. (මෙයා මේ කියන්නේ කාපගාත්ත අළු කෙසෙල් ටික භාජනේකට දමලා ඒ භාජනේටම පොල් කිරි ටිකකුත් දාලා අර අළු කෙසෙල් ටික පොඩ්ඩක් එහාට මෙහාට කර කර පොල් කිරි වලින් හෝදගන්න කියලා. මොකද අළු කෙසෙල් කපපුවහම කහට පිපෙනවා වගේ වෙනවා. ඒක යවන්න තමා කරන්නෙ මෙහෙම. අළු කෙසෙල් විතරක් නෙමේ ගොඩක් කෙසෙල් වල එහෙම වෙනවා.)
  • කහ, ලුණු කුඩු අවශ්‍ය පමණට දමා රන්වන් පාටට බැද ගන්න.
  • පසුව බදුනක් ලිප තබා එයට තෙල් ටිකක් දමා රත් වු විට ළුණු, මාළු මිරිස්, රම්පෙ, කරපිංචා දමා යන්තමින් බැද යන්න.
  • අනෙක් කුළු බඩුත් එක් කරන්න.
  • පසුව බැදගත් අළු කෙසෙල් ටික ද එක් කර හොඳින් මිශ්‍ර කර ලිපෙන් බා ගන්න.





ලිපිය ලිව්වේ: මයුරි නිසංසලා මිතුරිය විසින්. මෙම වට්ටොරුව පිළිබද ඇයට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර මෙම වට්ටොරුවෙන් කරන්නවූ උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

(චුට්ටක් පරක්කු උනා නංගි මේක දාන්න. ඔයා මේ රෙසිපිය එව්වට පස්සෙ ඔයාගෙ විස්තර අහලා ආපහු ඊ-මේල් එකක් එව්වා. ඒකට ඔයාගෙන් රිප්ලයි එනකනුයි හිටියෙ. ඒකයි චුට්ටක් පරක්කු උනේ.)
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment