About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mari Biscuit Pudding - මාරි බිස්කට් පුඩිම

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස මාරි බිස්කට් පුඩිමක් හදගන්න විදිහ. මීට කලිනුත් අපේ මෙ "ඉවුම…
Mari Biscuit Pudding - මාරි බිස්කට් පුඩිම
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස මාරි බිස්කට් පුඩිමක් හදගන්න විදිහ. මීට කලිනුත් අපේ මෙ "ඉවුම් පිහුම්" ඇප් එකේ මාරි බිස්කට් වලින් පුඩින් හදාගන්න විදිහ කියලා දීලා තියෙනවා. මේක ටිකක් වෙනස්. අනික මේකට බිත්තර ගන්නෙත් නෑ. ඔන්න බිත්තර නොකන අයට දැන් පුලුවන් මේ විදියට පුඩිමක් හදා ගන්න.

අවශ්‍ය දේවල්:
  • මාරි බිස්කට් 30
  • බටර් ග්‍රෑම් 200
  • අයිසින් ශුගර් කෝප්ප 2 (රස අනුව අඩු වැඩි කර ගන්න පුලුවන්)
  • කොකෝවා පවුඩර් මේස හැදි 4-5
  • ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 1 1/2- 2
  • වැනිලා තේ හැදි 2
  • ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1 1/2
  • සරසා ගැනීමට: චොක්ලට් චිප්ස්, කජු හෝ ආමන්ඩ්

සාදාගන්නා ආකාරය:
  • බටර්, අයිසින් ශුගර් එකට බීට් කර ගන්න.
  • දැන් එයට කොකෝවා පවුඩර් එකතු කර නැවත හොදින් බීට් කරන්න.
  • එයට වැනිලා සහ ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 1 1/2- 2 ක් එකතු කර හැන්දකින් කලවම් කර පැත්තකින් තියන්න.
  • පුඩින් එක සදහා සුදුසු බාජනයක් ගන්න.
  • ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1 1/2 බෝල් එකකට දමා ගන්න.
  • දැන් මාරි බිස්කට් එකින් එක අරගෙන කිරිවල පොගවමින් පුඩින් එක සාදන බාජනයේ යටින් අසුරා ගන්න.
  • බිස්කට් වලට උඩින් බීට් කර ගත් බටර් අයිසින් එක තවරා ගන්න.
  • නැවතත් බිස්කට් කිරිවල පොගවමින් අයිසින් එක උඩින් බාජනය වැහෙන්නම අතුරා ගන්න.
  • මතකනේ දැන් බිස්කට් ලේයර්ස් දෙකක් දැම්මා. බිස්කට් එකට උඩින් නැවත අයිසින් එක තවරා ගන්න. කැමති නම් ලේයර්ස් තුනක් මේ විදියට එකතු කරන්න පුලුවන්.
  • දැන් තමන් කැමති විදියට සරසා ගන්න. මම සැරසුවෙ චොක්ලට් චිප්ස් සහ ආමන්ඩ් වලින්. ඔයාලට පුලුවන් කජු වලින් උනත් සරසා ගන්න.
  • මෙය ශීතකරණයේ තියන්න අඩුම තරමින් පැය 8ක් වත්. ඉන් පසු කෑලි කපා පිලිගන්වන්න.

මේ තියෙන්නෙ මම හදාගත්ත එක. මම හැදුව ප්‍රමාණය ටිකක් වැඩියි. ගෙදර තුන් හතර දෙනෙක්ට කන්න හදනව නම් ගන්න දේවල් වල ප්‍රමාණය උඩ තියෙන ප්‍රමාණ වල් වලට වඩා අඩුවෙන් ඇරන් හදා ගන්න.

ඔන්න කෑල්ලකුත් කැපුවා..







ලිපිය ලිව්වේ: Shikifood ෆේස්බුක් පිටුවේ අය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment