About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pineapple Chutney - අන්නාසි චට්නි

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ අන්නාසි වලින් චට්නි හදන්නේ කොහොමද කියලා. රස ගැනනම් මතක් වෙද්දිත් කටට කෙ…
Pineapple Chutney - අන්නාසි චට්නි
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ අන්නාසි වලින් චට්නි හදන්නේ කොහොමද කියලා. රස ගැනනම් මතක් වෙද්දිත් කටට කෙල උනනවා නේද? කාලා නැති කෙනෙක් ඉන්නවනම්, මෙක හදන්න ඕනකරන බඩුත් නැත්නම්, කඩෙන් හරි ඇරගෙන කාලා බලන්නකෝ රස කොහොමද කියලා. හදමු එහෙනම්? හදන්න ඕනකරන බඩු හොයාගන්න බැරි කට්ටියත් ඕනකරන බඩු කොහෙන් හරි හොයාගමු.

අවශ්‍ය දේවල්:
  • හොදින් ඉදුණු ලොකු අන්නාසි ගෙඩියක්
  • ඉගුරු ටිකක්
  • සුදුලුනු ටිකක්
  • කුරුදුපොතු ටිකක්
  • කරදමුංගු ටිකක්
  • සිනි
  • මිරිස් කුඩු
  • රස අනුව ලුණු
  • විනාකිරි
  • කැමති නම් ප්ලම්ස් ටිකකුත්

සාදාගන්නා ආකාරය:
  • මුලින් හොදින් ඉදුණු ලොකු අන්නාසි ගෙඩියක් අරගෙන ශුද්ධ කර එක පොඩි කැලි කපා ගන්න.
  • පසුව එකට හිනියට දිග අතට කපා ගත්ත ඉගුරු ටිකක්, පොඩියට කපා ගත්ත සුදුලුනු ටිකක්, කුරුදුපොතු ටිකක් හා කරදමුංගු ටිකක් දමා ලිපේ තියන්න. වතුර දාන්න එපා. ගින්දර සමාන්‍ය විදියට දාන්න. මොකද වතුර ගොඩක් උනන නිසා.
  • පසුව අන්නාසි එකේ වතුර ගතිය ගොඩක් අඩු වෙලා යන කොට එකට සිනි 400g දාලා හොදින් මිශ්‍ර කරන්න.
  • ඔයාලාට පෙනෙවි වතුර නැවත උනන ගතිය. එ නිසා ගින්දර ටිකක් වැඩි කර ගන්න.
  • පසුව එකට මිරිස් කුඩු තේහැදි 3ක් හා රස අනුව ලුණු දමා හොදින් කලවම් කරන්න. එකටම විනාකිරි කෝප්ප 1/2 ක් දමා ගන්න.
  • දැන් දිගටම අන්නාසි චට්නි එක ලිපේ තියෙන කොට පෙනෙවි මිශ්‍රනය උකු වී ගෙන එනවා.
  • පසුව ලිපේ ගින්දර අඩු කර චට්නි එක හොදටම උකු වනතුරු ලිපේ තියා ලිප නිවන්න.
  • මම අද ප්ලම්ස් දැම්මෙ නැහැ. ඔයාලා කැමති නම් ප්ලම්ස් ටිකකුත් දමා ගන්න.
  • පසු චට්නි හොදට නිවුනාට පසු බෝතලයකට දමා ප්‍රිජ් එකේ තියා ගන්න.

පල්ලෙ තියෙන පොටෝ ටිකත් බලන්නකෝ:
කපා ගත් අන්නාසි එකට පොඩියට කපා ගත්ත සුදුලුනු, හිනියට දිගට කපා ගත්ත ඉගුරු ටිකක්, කුරුදුපොතු හා කරදමුංගු දාලා ලිපේ තියන්න මේ වගේ. වතුර දාන්න ඕනේ නැහැ. මොකද අන්නාසි වලට වතුර ගොඩක් උනන නිසා.

මම කහ පොඩ්ඩකුත් එක් කලා. පෙනෙනවා නේද වතුර උනලා තියෙන විදිහ.

වතුර ගතිය හොදටම අඩු වු පසු සිනි 400g දාන්න. වැඩිය සිනි දාන්න එපා. මොකද අන්නාසි වල පැණි රස තියෙන නිසා.

ටික වේලාවකින් එකට රතු පාට මිරිස් කුඩු තේහැදි 3 දා ගන්න මේ වගේ. එකටම විනාකිරි කොප්ප 1/2 වෙන්න දාලා හොදින් මිශ්‍ර කර ලිපේ ගින්දර ටිකක් වැඩි කරන්න. මොකද වතුර ගතිය වැඩි වෙන නිසා.

මේ වගේ වතුර ගතිය අඩු වෙලා උකු ගතියට එන කොට ගින්දර අඩු කර හොදින්ම මිශ්‍රනය උකු වනතුරු තියා ගන්න.

මේ වතුර ගතිය අඩු වෙලා උකු ගතියට චට්නි එක එන විදිහ.

මේ තියෙන්නේ එසේ හදා ගත් අන්නාසි චට්නි. හරිම රසයි!!

ඔන්න වෙනම දාගත්තා. දැනෙනවා නේද රස.. කෙල එහෙම ගිලිනව නෙමේ..






ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment