About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Layered Jelly Pudding - චොක්ලට් පවුඩර් දාලා ජෙලි ලේයර්ස් පුඩිමක් හදමු

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස චොකලට් ඉරි දමපු ජෙලි පුඩිමක් හදාගන්න විදිහ. බලන්න්කෝ හදන විදිහ. …
Layered Jelly Pudding - චොක්ලට් පවුඩර් දාලා ජෙලි ලේයර්ස් පුඩිමක් හදමු
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස චොකලට් ඉරි දමපු ජෙලි පුඩිමක් හදාගන්න විදිහ. බලන්න්කෝ හදන විදිහ. හරිම ලේසියි හදන්න.

අවශ්‍ය දේවල්:
  • ජෙලටීන් තේ හැදි 3
  • මිල්ක් පවුඩර්
  • චොක්ලට් පවුඩර් ස්වල්පයක්
  • සීනි රස අනුව
  • උණු වතුර

සාදාගන්නා ආකාරය:
  • ජෙලටීන් තේ හැදි 1ක් උණු වතුර කෝප්ප 1/4 ක දිය කර ගන්න.
  • රස අනුව සීනි දමා කිරි කෝප්පයක් සකස් කර ගන්න. එයට කලින් සකස් කල ජෙලටීන් එක් කර හොදින් දියකර ගන්න. එය භාජනයකට දමා සෙට්වීමට තබන්න.
  • එය සෙට්වු පසු පෙර ලෙසම ජෙලටීන් තේ හැදි 1ක් උණු වතුර කෝප්ප 1/4 ක දිය කර ගන්න.
  • රස අනුව සීනි දමා, චොක්ලට් පවුඩර් ස්වල්පයක්ද දමා කිරි කෝප්පයක් සකස් කර ගන්න. එයට කලින් සකස් කල ජෙලටීන් එක් කර හොදින් දියකර නිවෙන්නට තබන්න. නිවුණු පසු එය කලින් සෙට් වුණු ජෙලි භාජනයටම එක් කරගන්න.
  • එය සෙට්වු පසු පෙර ලෙසම ජෙලටීන්තේ හැදි 1 දියකර ගන්න.
  • මේ සැරේ කිරි කෝප්පය සකස් කල යුත්තේ ඉස්සෙල්ලාට වැඩිය චොක්ලට් පවුඩර් එකතු කරගෙනයි. පාට අනුව බලන්න. වැඩි කරගන්න එපා තිත්ත වෙයි. එයත් නිවුණාම කලින් සෙට් වුණු ජෙලි භාජනයටම එක්කර සෙට්කර ගන්න.
  • දැන් ලස්සනට කපා මේසෙට යවන්න. වැනිලා හරි චොක්ලට් හරි අයිස්ක්‍රීම් එක්ක රහයි!

 තට්ටු තට්ටු දානකොට මේ වගේ දාගන්න. ඒ වගේම ගැලපෙන භාජනයකට දාගන්නත් අමතක කරන්න එපා.








ලිපිය ලිව්වේ: Sithara Rathnayake මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment