About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kochchi Polos Achcharu - කොච්චි පොලොස් අච්චාරු

ආත්තම්මගෙ කුස්සියේ ඉස්සර කොච්චි පොලොස් අච්චාරුව වරදින්නෙ නැහැ. වත්තෙම හැදෙන කොස් ගහේ පොලොස් නිසා ඇය…
Kochchi Polos Achcharu - කොච්චි පොලොස් අච්චාරු
ආත්තම්මගෙ කුස්සියේ ඉස්සර කොච්චි පොලොස් අච්චාරුව වරදින්නෙ නැහැ. වත්තෙම හැදෙන කොස් ගහේ පොලොස් නිසා ඇය හදන අච්චාරුව හරිම රසයි. මේ ආත්තම්මගෙ ක්‍රමයට හදපු කොච්චි පොලොස් අච්චාරුව.

අවශ්‍ය දේවල්:
  • පොලොස් ගෙඩි 1
  • කැරට් අල 2
  • කොච්චි කරල් කෝප්පයක් (අහුරක්)
  • රතුලූනු අවශ්ය පමණට
  • විනාකිරෙන් අඹරා ගත් අබ
  • කහ
  • කුඩු කරගත් කරදමුංගු
  • ගොරක ස්වල්පයක්
  • මිරිස් කුඩු ස්වල්පයක්
  • ලුනු
  • සීනි මේස හැන්දක් පමණ

සාදාගන්නා ආකාරය:
  • ආත්තම්මා නම් කරන්නෙ පොලොස් ගෙඩිය හොදට හෝදලා ගෙඩිය පිටින් තම්බනවා. ඒත් මම ගාව ඒ තරම් ලොකු බාජන නැති නිසා මම කලේ පොලොස් ගෙඩිය කෑලි වලට කපල ගොරක කෑලි කිහිපයක් දාල හොදින් තැම්බුවා.
  • ඊට පස්සෙ ලිපෙන් බාල නිවුනට පස්සෙ පොත්ත අයින් කරල පොඩි කෑලි වලට කපා ගන්න. පැත්තකින් තියන්න.
  • රතුලූනු සුද්ධ කරල සෝදා ගන්න. කොච්චි මිරිස්නුත් සෝදා ගන්න. වතුර වේලෙන්න පැත්තකින් තියන්න.
  • දැන් හොදින් වියලුනු මැටි හට්ටියක් අරගෙන එයට විනාකිරි දාන්න. විනාකිරි උතුරාගෙන එනවිට විනාකිරෙන්ම අඹරා ගත් අබ පේස්ට් එක දාන්න. මිරිස් කුඩු, කහ කුඩු, කුඩුකරගත් කරදමුංගු, ලුනු සහ සීනි එකතු කර හොදින් හැදි ගාන්න.
  • දැන් මෙය පැහැය වෙනස් වී දුඹුරු පාට වී ගෙන එනකොට කැරට්, කොච්චි, රතුලූනු, පොලොස් මේ සේරම දාල ලී හැන්දකින් කලවම් කරන්න. අබ පේස්ට් එක පොලොස් එකට හොදින් වදින විදියට කලවම් කරන්න. ලිපේ දැල්ල වැඩි කර ගන්න එපා.
  • විනාඩියක් දෙකක් මද ගින්දරේ තැම්බෙන්න තියල ලිපෙන් ඉවත් කරන්න.
 
 මේ තියෙන්නෙ. කෙල ගිලින්න එපා.

 වැදගත්:
  • මේක කල් තියාගෙන කන්න පුලුවන්.හදල දවස් දෙක තුනක් ගියාම තමයි රස වැඩි. හැබැයි බෙදා ගන්න කොට හැදි මාරු කරන්න නම් එපා.


ලිපිය ලිව්වේ: Shiki Ranasinghe මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment