About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jack Fruit Seed Curry - කොස් ඇට කළු පොල් මාළුව

කළු පොල් මාළුව කියලා කිව්වට මේකට ගන්නේ කොස් ඇට තමා. නියම විදිහට හදනවානම් මේකට කොස් ඇට තලාගෙන පොත්ත …
Jack Fruit Seed Curry - කොස් ඇට කළු පොල් මාළුව
කළු පොල් මාළුව කියලා කිව්වට මේකට ගන්නේ කොස් ඇට තමා. නියම විදිහට හදනවානම් මේකට කොස් ඇට තලාගෙන පොත්ත පිටින්මයි ගන්නෙ. සමහරු පොතු ඇරලත් ගන්නවා. හොදට වේලුන පොල් ගෙඩියක් එහෙම ඇරගෙන කට්ටිය ලෑස්තු උනානම් කලු කළු පොල් මාළුව අපිත් එක්කම හදන්න. මට මතක විදිහටනම් මීට අවුරුදු කීපයකට කලින් පොඩිත්තන්ගේ 5 වසරෙ ශිෂ්‍යත්ව විභාගෙටත් ආවා "කළු පොල් මාළුව" යොදාගන්නේ මොනවාද කියලා වගේ ප්‍රශ්ණයක්. එහෙනම් පොඩිත්තන්ට කියලා දෙන්නත් එක්කම හදමුකෝ.


අවශ්‍ය දේවල්:
  • කොස් ඇට 50
  • ගා ගත් පොල් මේස හැදි 2
  • කැකුළු හාල් මේස හැදි 1
  • පොල් මිටිකිරි කෝප්ප 2
  • පොල් දිය කිරි කෝප්ප 1 1/2
  • බැදපු තුනපහ කුඩු මේස හැදි 1 - 1/2
  • බැදපු මිරිස් තේ හැදි 3
  • ගම්මිරිස් තේ හැදි 1/4
  • ලියා ගත් රතු ළූණු ගෙඩි 10
  • ලියා ගත් සුදු ළූණු ගෙඩි 5
  • කුරුඳු පොතු
  • රම්පෙ
  • කරපිංචා
  • ලියා ගත් අමු මිරිස් කරල් 4
  • කහ කුඩු තේ හැදි 1/4
  • උම්බලකඩ මේස හැදි 1
  • ලුණු

සාදා ගන්නා ආකාරය:
  • කොස් ඇට හොඳින් සෝදා පොතු සමග තම්බා ගෙන යන්තමින් තලා ගන්න. (පොත්ත ඉවත් නොකරන්න.)
  • හාල් සහ පොල් දුඹුරු පැහැ වන තෙක් කබලේ බැද ගලේ අඹරා ගන්න.
  • මැටි ඇතිලියක් ගෙන එයට කොස් ඇට, බැදපු තුනපහ හා මිරිස් කුඩු, ගම්මිරිස්, රතුළූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා, කහ කුඩු, උම්බලකඩ, කුරුඳු පොතු හා රස අනුව ලුණු දමා හොඳින් අත ගා ගන්න.
  • ඉන්පසු එයට දියකිරි දමා ලිප තබන්න.
  • දැන් අඹරා ගත් හාල් හා පොල් මිශ්‍රණය මිටි කිරි වලට කලවම් කර හොඳින් දිය කර ගෙන පසෙකින් තබා ගන්න.
  • කොස් ඇට තැම්බී කිරි සිදී ගෙන එන විට පසෙකින් තබා ගත් මිටිකිරි මිශ්‍රණය එක් කර මද ගින්නේ පිස ගන්න.
  • හොද්ද හොඳින් බස්සවා ගන්න.
  • කැමති නම් තෙම්පරාදු කර ගන්න.

පල්ලෙ තියෙන පොටෝ ටිකත් බලන්නකෝ:


ඔන්න දැන් ඔක්කොම දාලා හදාගෙන ඉවර වෙන්න ලගයි

ඔන්න හරි. මේක කොච්චර රස උනත් කන එකනම් සෑහෙන්න අමාරුයි ඉතිං. පොතුනෙ. පොතු අයින් කර කර කන්න සෑහෙන්න වෙලාවක් යනවා. හැබැයි එතකොට තමා මේකේ අගයක් තියෙන්නෙත්.




ලිපිය ලිව්වේ: T.P. ධම්මිකා මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment