About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Boiled Prawn Salad - තම්බා ගත් ඉස්සො සලාදය

අවශ්‍ය දේවල්: තම්බාගත් ඉස්සන් 250g තම්බා කුඩාවට කපාගත් බිත්තරයක් (කොටු හැඩයට කැපූ) කුඩා කොටු හැඩයට කැප…
Boiled Prawn Salad - තම්බා ගත් ඉස්සො සලාදය
අවශ්‍ය දේවල්:
  • තම්බාගත් ඉස්සන් 250g
  • තම්බා කුඩාවට කපාගත් බිත්තරයක් (කොටු හැඩයට කැපූ)
  • කුඩා කොටු හැඩයට කැපූ කපා ගත් ක්‍රාෆ්ට් චීස් (Kraft cheese) 75g
  • තම්බා කොටු හැඩයට කපා ගත් අර්තාපල් අල 125g
  • කුඩා කොටු කපා ගත් පිපිඤ්ඤා 125g
  • තවූසන්ඩ් අයිලන්ඩ් ඩ්‍රෙසිං (Thousand Island Dressing) කෝප්ප 1/2
  • ලුණු
  • ගම්මිරිස්
 
සාදා ගන්නා ආකාරය:
  • තම්බා ගත් ඉස්සන්ගේ පොතු ඉවත් කර බදුනකට දමා එයට කපා ගත් අර්තාපල්, පිපිඤ්ඤා, චීස් හා කපාගත් බිත්තරය එකතු කොට තවූසන්ඩ් අයිලන්ඩ් ඩ්‍රෙසිං ඒ මතට දමා මිශ්‍ර කර ගන්න.
  • රස අනුව ලුණු හා ගම්මිරිස් දමන්න.

වැදගත්:
  • ක්‍රාෆ්ට් චීස් (Kraft cheese) හා තවූසන්ඩ් අයිලන්ඩ් ඩ්‍රෙසිං (Thousand Island Dressing) සුපිරි වෙළද සැල් වලින් මිල දී ගත හැකිය.
  • තවූසන්ඩ් අයිලන්ඩ් ඩ්‍රෙසිං (Thousand Island Dressing) සොයා ගත නොහැකි වුවහොත් ඒ වෙනුවට මයෝනිස් (mayonnaise) සහ දෙහි/ලෙමන් රස අනුව එක් කරන්න.
  • කැමති නම් තක්කාලි, බෙල් පෙපර් (bell pepper) ද මේ සඳහා යොදා ගත හැකිය.

 ක්‍රාෆ්ට් චීස් හා තවූසන්ඩ් අයිලන්ඩ් ඩ්‍රෙසිං සුපිරි වෙළද සැල් වලින් මිල දී ගත හැකිය.


 මේ තියෙන්නෙ අපි හදාගත්ත තම්බපු ඉස්සො සලාදය අන්තිමට හදලා ඉවරවුනහම.




ලිපිය ලියන්න කරුණු ටිකක් බලාගත්තා Gayana Nethmi මහත්මිය ලියපු ලිපියකින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment