About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Fried Kohila root Salad - බැද ගත් කොහිල අල සලාදය

හැමදාම හදන්නෙ කොහිල මාළුව නේ. පොඩි වෙනසකටත් එක්ක මෙහෙම කොහිල හදලා කාලා බලමු. ලොකු පොඩි කවුරුත් කැමත…
Fried Kohila root Salad - බැද ගත් කොහිල අල සලාදය
හැමදාම හදන්නෙ කොහිල මාළුව නේ. පොඩි වෙනසකටත් එක්ක මෙහෙම කොහිල හදලා කාලා බලමු. ලොකු පොඩි කවුරුත් කැමති වේවි...
 
අවශ්‍ය දේවල්:
  • හොඳින් මෝරපු කොහිල අල
  • තක්ලිකාලි
  • ලොකු ලූණු
  • අමු මිරිස් හෝ මාළු මිරිස්
  • ගම්මිරිස් කුඩු
  • කහ කුඩු
  • උම්බලකඩ කුඩු
  • ලුණු
  • දෙහි
  • පොල් තෙල්

සාදා ගන්නා ආකාරය:
  • කොහිල අල පිරිසිදු කර හොඳින් සෝදා හීනියට පෙති කපා ගන්න.
  • දැන් එයට කහ සහ ලුණු ටිකක් දමා ගැඹුරු තෙලේ බැද ගන්න
  • තක්කාලි, ලූණු, අමු මිරිස් හෝ මාළු මිරිස් සිහින්ව කපා ගන්න
  • අවසානයේ බැද ගත් කොහිල, කපා ගත් ලූණු, අමු මිරිස්/මාළු මිරිස්, තක්කාලි හා උම්බලකඩ සියල්ල එකට එක් කර රස අනුව ලුණු, ගම්මිරිස් හා දෙහි දමා හොඳින් අනා ගන්න.

වැදගත්:
  • සිහින් පෙති කපා ගත් කොහිල වල වතුර ගතිය වැඩි යයි හැගේ නම් ඒවා මිරිකා ගන්න.

පල්ලෙ පොටෝ ටිකත් ටිකක් බල්ලන්කෝ:



මේ තියෙන්නේ මම හදාගත්ත සලාදය. උඩම පොටෝ එකේ තියෙන්නෙත් මේකම තමා.





ලිපිය ලිව්වේ: Indu Kumari Jayasekara මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment