About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Anchovy mixed Kathurumurunga leaves - හාල්මැස්සන් දැමූ කතුරුමුරුංගා බැදුම

බොහෝ දෙනාගේ ඉල්ලීම මත, හාල්මැස්සන් දැමූ කතුරුමුරුංගා බැදුමක්. හදන්න ලේසියි, ඒවගේම රසයි, ගුණයි!! අවශ්…
Anchovy mixed Kathurumurunga leaves - හාල්මැස්සන් දැමූ කතුරුමුරුංගා බැදුම
බොහෝ දෙනාගේ ඉල්ලීම මත, හාල්මැස්සන් දැමූ කතුරුමුරුංගා බැදුමක්. හදන්න ලේසියි, ඒවගේම රසයි, ගුණයි!!

අවශ්‍ය දේවල්:
  • සුද්ද කර හොඳින් සෝදා ගත් හාල්මැස්සන් ටිකක්
  • සෝදා දිය බේරා ගෙන දෙකට කපා ගත් කතුරුමුරුංගා කොල ( කොල පිටින්ම වුනත් කමක් නෑ)
  • සිහින්ව ලියා ගත් ලොකු ලූණු ගෙඩියක්
  • කපා ගත් අමු මිරිස් කරල් 2-3ක්
  • කෑලි මිරිස්
  • ලුණු
  • බැදීමට තෙල්

සාදාගන්නා ආකාරය:
  • භාජනයක් ලිපේ තියලා තෙල් දාලා රත් වෙන්න තියන්න .
  • රත් වූ තෙල් එකට හාල්මැස්සන් දමා හොඳින් බැද ගන්න.
  • ඒකටම ලියා ගත් ලොකු ලූනු, අමු මිරිස්, කෑලි මිරිස්, රස අනුව ලුණු දාලා බැදෙන්න හරින්න.
  • හොඳින් බැදුනට පස්සෙ කතුරුමුරුංගා කොල ටික දාලා ඉක්මනින් ලිපෙන් අයින් කරලා හොඳින් කලවම් කරන්න.
  • දැන් ඉතිං කන්න :)
 මේ තියෙන්නේ මම හදපු බැදුම





ලිපිය ලිව්වේ: Piumi Thanaweera Arachchi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment