About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Boiled & Fried Egg Curry - තම්බා බැද ගත් බිත්තර ව්‍යංජනය

බිත්තර හැමදාම කන්නෙ එක විදිහටනෙ. එක්කො තැම්බුවා, එක්කො ඔම්ලට්. හදමුද ව්‍යංජනයක්? අවශ්‍ය දේවල්: තම්බා…
Boiled & Fried Egg Curry - තම්බා බැද ගත් බිත්තර ව්‍යංජනය
බිත්තර හැමදාම කන්නෙ එක විදිහටනෙ. එක්කො තැම්බුවා, එක්කො ඔම්ලට්. හදමුද ව්‍යංජනයක්?

අවශ්‍ය දේවල්:
  • තම්බා හොද කර ගත් බිත්තර (බිත්තර තම්බලා කටු ටික ඉවත් කරගන්න)
  • පොල් තෙල්
  • මිරිස් කුඩු
  • තුනපහ කුඩු
  • කහ කුඩු
  • උම්බලකඩ කුඩු
  • ලියා ගත් රට ලූණු
  • ලියා ගත් අමු මිරිස්
  • කරපිංචා
  • රම්පේ
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • පොල් බෑයක කිරි

සාදා ගන්නා ආකාරය:
  • බිත්තර වලට කිහිප වරක් ගෑරුප්පුවකින් ඇන ගන්න.(මෙමඟින් ගැඹුරු තෙලේ බිත්තර බැද ගැනීමේදී පිපිරීම වලක්වා ගැනීමට හැකිය.)
  • දැන් තෙල් තාච්චිය ලිපේ තබා හොඳින් තෙල් රත් කර ගන්න.
  • රත් වූ තෙල් එකට බිත්තර දමා රන්වන් පැහැය ලැබෙන තුරු හොඳින් බැද ගන්න.
  • පසුව තවත් භාජනයක් ගෙන එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, උම්බලකඩ කුඩු, ලියා ගත් රට ලූණු, ලියා ගත් අමු මිරිස්, කරපිංචා, රම්පේ, කුරුඳු පොතු කැබැල්ල සහ පොල් කිරි දමා ගෙන ලිප තබා ගන්න.
  • හොද්ද නටා ගෙන එන විට එයට බිත්තර ටික එක් කර තවත් මිනිත්තු කිහිපයක් හොඳින් නටවා ගෙන ලිප නිවා ගන්න.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:

 මේ තියෙන්නේ අපි හදාගත්ත බිත්තර ව්‍යංජනය. රසම රසයි. එක පාරක් හදලා බලන්නකෝ.






ලිපිය ලිව්වේ: G.සෙව්මි උපේක්ෂා මෙනවිය. මෙම වට්ටොරුවෙන් කරන්නවූ උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment