About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Homemade Biscuits 2 - ගෙදරදිම බිස්කට් හදමු 2

අපි මීට කලිනුත් අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ බිස්කට් හදන විදිහ කතා කරලා තියෙනවා. අදත් කි…
Homemade Biscuits 2 - ගෙදරදිම බිස්කට් හදමු 2
අපි මීට කලිනුත් අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ බිස්කට් හදන විදිහ කතා කරලා තියෙනවා. අදත් කියලා දෙන්න යන්නෙ අලුත් විදිහකට බිස්කට් ගෙදරදීම හදාගන්න විදිහ. උදෙ හවස තේ වෙලාවට ගන්න පුලුවන් හරිම රසයි!

අවශ්‍ය දේවල්:
  • පිටි කිලෝ එකයි
  • එළවලු තෙල් ග්ලාස් 1යි
  • සීනී ග්ලාස් 1,1/2 යි
  • දොඩම් යුෂ ග්ලාස් එකයි (මම අර ඔස්ට්‍රේලියන් දොඩම් මිරිකලා යුෂ ගත්තේ)
  • බිත්තර 3
  • පිරිසිදු මාදුරු ටිකක්
  • තල ටිකක්
  • බේකින් පව්ඩර් මේස හැදි 2යි

සාදාගන්නා ආකාරය:
  • පිටි හැර අනිත් සේරම විනාඩි 5ක් කලවම් කරන්න.
  • පසුව එම මිශ්‍රනයට පිටි ටික ටික එකතු කරගන්න.
  • එකතු කර කලවම් කර ගත් මෝලිය විනාඩි 3ක් 4ක් විතර පැත්තකින් තියන්න.
  • ඉන්පසු රෝලින් පින් එක ගෙන පිටි මෝලියෙන් ටික ටික ගෙන තුනී කරලා කැමති හැඩයෙන් කටර් එකෙන් බිස්කට් හැඩයට කපා ගෙන තැටි වලට තෙල් කඩදාසියක් දමා කපාගත් බිස්කට් දමා අන්ශක 180 උශ්ණත්වය බිස්කට් රන්වන් පාට වනතුරු බේක් කරගන්න.
  • තේ වෙලාවට ගන්න පුලුවන් හරිම රසයි!

 මේ තියෙන්නේ මම හදාගත්ත ඒවා ටිකක්

 මේ අනිත් ටික

 හදලා ඉවර වෙලා බෝතලයකට දාලා තියන්න හුලන් වදින් නැති වෙන්න.
 




ලිපිය ලිව්වේ: Suranji De Alwis මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment