About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jack Fruit Moose - වරකා මූස්

වරකා වල සුවද අපිට නම් ලේසියෙන් අමතක වෙන් නෑ. ඉදුනු වරකා තියෙන වරකා ගහක් යටින් යද්දී එහෙම දැනෙන සුවද…
Jack Fruit Moose - වරකා මූස්
වරකා වල සුවද අපිට නම් ලේසියෙන් අමතක වෙන් නෑ. ඉදුනු වරකා තියෙන වරකා ගහක් යටින් යද්දී එහෙම දැනෙන සුවද කොහොමද? ඉස්සර අපි බාප්පලගේ ගෙදර ගියහම පුංචි අම්මා අපිට හැමදාම වරකා ගෙඩියක් කඩලා දෙනවමයි. වරකා ගෙඩියත් අරන් ගිහිල්ලා වත්ත පල්ලෙහා තිබුන ඇල ලගට ගිහිල්ලා උනුසුම දාරාගන්න බැරුව ඇලට බැහැලා දගලන හරක් රංචුව දිහා බල බලා උන්ටත් දිදී වරකා බෑයකට වග කියපු අතීතය මට තාමත් මතකයි. හරක් කියන්නෙත් වැල වරකා වලට රුසියෝ. වැල, වරකා ගහක් යටින් හරකෙක් දක්කනවා කියන්නෙ මොනතරම් අමාරු වැඩක් කියලා අත්දැකීම් තියෙන අයනම් දන්නවා ඇති. හා හා. හරක් දැක්කුවා ඇති. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ වරකා වලින් "මූස්" එකක් හදාගන්න විදිහ.


අවශ්‍ය දේවල්:
  • හොඳින් ඉදුනු, ඇට ඉවත් කර ගත් වරකා මදුළු 150g
  • වතුර අඬු කෝප්ප 2
  • සීනි 100g
  • ජෙලටින් පවුඩර් 5g
  • විපින් ක්‍රීම් 100g

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම සීනි සහ වතුර ටික දමා ගෙන වරකා හොඳින් තම්බා ගන්න.
  • ඉන් පසුව එය නිවෙන්නට තබා ටික වේලාවකට පසුව එයට ජෙලටින් පවුඩර් ද එකතු කර බ්ලෙන්ඩර් කර ගන්න.
  • දැන් හොඳින් බීට් කර විපින් ක්‍රීම් සකස් කර ගන්න.( විපින් ක්‍රීම් සාදා ගැනීමට වැඩි විස්තර සඳහා අන්නාසි බිස්කට් පුඩිං වට්ටෝරුව බලන්න.)
  • අනතුරුව බීට් කර ගත් විපින් ක්‍රීම් මිශ්‍රණය සහ බ්ලෙන්ඩර් කර ගත් වරකා ටික ගෙන එකට එක් කර ගෙන පැය කිහිපහයක් ශීතකරණයේ තබා පිළිගන් වන්න.

 රසම රසයි මේ මූස් එක
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment