අවශ්‍ය දේවල්:
- කෙලවල්ලන් මාළු 250g
- විනාකිරි මේස හැදි 2
- අබ ක්‍රීම් තේ හැදි 1
- ලුණු, කහ, ගොරකා බිකක්
- පොල් කිරි මේස හැදි 1
සාදා ගන්නා ආකාරය:
- මාළු හොඳින් සෝදා එයට ලුණු, කහ, ගොරකා, විනාකිරි හා අබ ක්‍රීම් දමා කලවම් කර මැටි හට්ටියක බහා වතුර ටිකක් දමා හොඳින් තම්බා ගන්න.
- හීනියට කපා ගත් ලූණු, අමු මිරිස්, තක්කාලි භාජනයකට දමා කවලම් කර එයට රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු හා පොල් කිරි මේස හැදි 1ක්ද දමන්න.
- දැන් තම්බාගත් මාලු කෑලි (වතුර පෙරා) එක්කර රස බලන්න.