About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Fried Peanuts with Anchovy - රටකජු හාල්මැස්සන් බැදුම

කිරිබත් එක්ක එහෙම කන්න රසවත් රටකජු හාල්මැස්සන් බැදුමක් හදාගන්න විදිහ තමා දැන් කියලා දෙන්න යන්නෙ. හද…
Fried Peanuts with Anchovy - රටකජු හාල්මැස්සන් බැදුම
කිරිබත් එක්ක එහෙම කන්න රසවත් රටකජු හාල්මැස්සන් බැදුමක් හදාගන්න විදිහ තමා දැන් කියලා දෙන්න යන්නෙ. හදලම බලන්නකෝ එකපාරක්. හැමදාම හදයි ඔයාලා ඊට පස්සෙ.

අවශ්‍ය දේවල්:
  • හාල් මැස්සන් ග්‍රෑම් 150-200
  • රටකජු කෝප්ප 1-2
  • ලොකු රටලූනු ගෙඩි 3
  • කරපින්චා කොළ කෝප්ප 2
  • කෑලි මිරිස් මේස හැදි 2-3
  • සීනි තේ හැදි 1
  • රස අනුව ලුනු
  • තෙල්

සාදාගන්නා ආකාරය:
  • හාල්මැස්සන් ඔලුව කඩා අයින් කර සෝදා වියළා ගන්න.
  • කරපින්චා කොළ සෝදා ගෙන වතුර වියළා ගන්න. රටලූනු සිහින්ව ලියා ගන්න.
  • තෙල් තාච්චියක් ලිප තබා තෙල් රත් වූ විට හාල් මැස්සන් ගැබුරු තෙලේ රන්වන් පැහැ වෙනතෙක් බැද ගෙන තෙල් බේරෙන්න ටිශූ පේපර් එකක් මත තියන්න.
  • ඒ තෙලෙන්ම කරපින්චා කොල බැද ගන්න. එයත් තෙල් බේරෙන්න තියන්න.
  • රටකජුත් ගැඹුරු තෙලේ බැද ගන්න. මේ විදියටම රටලූනු ටිකත් ඒ විදියටම ගැඹුරු තෙලේ බදින්න. (හැන්දෙන් එහා මෙහා කරද්දි සර-සර ශබ්දය එනකම්). දැන් මේ සේරම වෙන වෙනම ටිශූ පේපර් මත තියා තෙල් බේරා ගන්න.
  • මැටි හට්ටියක් ගෙන තෙල් තේ හැන්දක් පමණ දමා ලිප තියන්න(තෙල් ගොඩක් දාන්න එපා).
  • එය රත් වන විට කෑලි මිරිස්, රස අනුව ලුනු සහ සීනි දමන්න.
  • කෑලි මිරිස් කැරමල් වූ සීනිවල (මේ කියන්නේ උණු වෙලා වෙලා පැණි පාට වූ සීණි ගැන) දැවටී පැහැය වෙනස් වන විට බැද ගත් සියල්ල (හාල් මැස්සන්, රටකජු, කරපින්චා කොල සහ ලූනු) හට්ටියට එකතු කර හැන්දකින් හොදින් කළවම් කරන්න.
  • නිවුනු පසු බෝතල්වල අසුරා ගන්න.

     මං නම් ආසම කෑමක්. පිංකන් ගෙවල් වලදී එහෙම වරදින්නේ නෑ මේක..




    ලිපිය ලිව්වේ: Shiki Ranasinghe මහත්මිය.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment