About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bitter Guard Curry - කරවිල ව්‍යංජනය

කරවිල වලට ආස අයට ඔන්න මම අද කරවිල හැදුව දවල්ට කන්න. මේ විදියට මට උයන්න කියල දුන්නෙ මගෙ මහත්තයගෙ අම්…
Bitter Guard Curry - කරවිල ව්‍යංජනය
කරවිල වලට ආස අයට ඔන්න මම අද කරවිල හැදුව දවල්ට කන්න. මේ විදියට මට උයන්න කියල දුන්නෙ මගෙ මහත්තයගෙ අම්ම. මම කරවිල ඉවුවෙ මෙහෙමයි,

අවශ්‍ය දේවල්:
  • කපාගත්ත කරවිල කැබලි
  • මිටි කිරි
  • දිය කිරි
  • මිරිස්
  • කහ
  • තුනපහ
  • ගම්මිරිස්
  • ලූනු
  • සුදු ලූනු
  • කරපිංච
  • තක්කාලි
  • අමු මිරිස්
  • කරාබු නැටි
  • එනසල්
  • කුරැදු

සාදාගන්නා ආකාරය:
  • මිටි කිරියි, දිය කිරියි දෙකම ඇතිලියකට දාල මිරිස්, කහ, තුනපහ, ගම්මිරිස්, ලූනු, සුදු ලූනු, කරපිංච, තක්කාලි, අමු මිරිස්, කරාබු නැටි, එනසල්, කුරැදු අවශ්‍ය ප්‍රමාණවලින් අරගෙන පොල් කිරි එකටම දාල කලවම් කරන්න.
  • පස්සෙ මේ ටික ඉදෙන්න ලිපේ තියන්න.
  • හොද්ද ඉතිරැවාට පස්සෙ කපාගත්ත කරවිල කැබලි ටික ඒකට එකතු කරල හොඳින් කලවම් කරල පැයක් විතර මද ගින්නෙ වහල තියන්න ඕනෙ. එච්චරයි.

වැදගත්:
  • පොල් කැබලි ටිකක්, උම්මලකඩ ටිකක් දැම්මම තවත් රසයි. රසම රසයී.



ලිපිය ලිව්වේ: Aruni Ekanayake මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment