About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bilin Curry - බිලිං මාලුව

කවුද කාලා තියෙන්නෙ බිලිං මාලුව හදලා එහෙම. ලේසියකට කෙනෙක් නම් කාලා නෑ. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ බ…
Bilin Curry - බිලිං මාලුව
කවුද කාලා තියෙන්නෙ බිලිං මාලුව හදලා එහෙම. ලේසියකට කෙනෙක් නම් කාලා නෑ. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ බිලිං මාලුවක් හදන විදිහ.

අවශ්‍ය දේවල්:
  • බිලින්
  • තෙල් ටිකක්
  • සුදු ලූනු
  • රතු ලූනු
  • අමුමිරිස්
  • රම්පෙ
  • කරපින්චා
  • කුරුඳු පොතු කෑල්ලක්
  • මිරිස් කුඩු
  • කහ කුඩු
  • බැදපු තුන පහ කුඩු
  • ලුනු
  • මිටි කිරි
  • සීනි චුට්ටක්
සාදාගන්නා ආකාරය:
  • බිලින් ටික මැද නාරටිය අයින් කරලා වටෙන් තීරු තීරු කපා ගන්න.
  • බාජනයක් ලිපේ තියලා රත් වුනාම තෙල් ටිකක් දාන්න.
  • තෙල් රත් වූ පසු ඒකට සුදු ලූනු, රතු ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපින්චා දමා බැදෙන්න හරින්න. කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරන්න.
  • ඊට පස්සෙ කපා ගත් බිලින් ටික එකතු කරන්න.
  • මිරිස් කුඩු, කහ කුඩු, බැදපු තුන පහ කුඩු එකතු කරන්න.
  • රස අනුව ලුනුත් දමන්න.
  • තෙලෙන් හොඳට මැල වුනාට පස්සෙ මිටි කිරි චූට්ටක් එකතු කර ගන්න.
  • හොඳින් හිඳුනු පසු ලිපෙන් අයින් කරන්න.
  • ඇඹුල් ගතිය වැඩිනම් සීනි චුට්ටක් කලවම් කරන්න.

 මමනම් හැදුවා. හදලා බලන්නකෝ රස.



ලිපිය ලිව්වේ: Piumi Thanaweera Arachchi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment