About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Beetroot pickle - බීට් රූට් අච්චාරුව (රතු අල)

බීට් රූට් කන්න අකමැති අයට මේ විදියට හදල බලන්න. හැමදාම උනත් කාවි. අවශ්‍ය දේවල්: බීට් රූට් ගෙඩි කිහිපයක…
Beetroot pickle - බීට් රූට් අච්චාරුව (රතු අල)
බීට් රූට් කන්න අකමැති අයට මේ විදියට හදල බලන්න. හැමදාම උනත් කාවි.
අවශ්‍ය දේවල්:
  • බීට් රූට් ගෙඩි කිහිපයක්
  • රතුලූනු
  • අමු මිරිස්
  • විනාකිරෙන් අඹරා ගත් සුදුලූනු සහ ඉගුරු
  • අඹරා ගත් අබ සහ සූදුරු
  • තලාගත් කරාබු නැටි සහ එන්සල් ස්වල්පයක්
  • මිරිස් කුඩු
  • කහ
  • ලුනු
  • රස අනුව සීනි
  • විනාකිරි

සාදාගන්නා ආකාරය:
  • බීට් රූට් සුද්ද කර සෝදා සිහින්ව දිගු අතර තීරු කපා ගන්න.
  • රතුළුනු සුද්ද කර සෝදා ගන්න.
  • අමු මිරිස් සෝදා ගන්න.
  • මැටි හට්ටියක් ලිප තබා වතුර වියලෙන්න හැර එයට විනාකිරි දාන්න.
  • එය රත් වී ගෙන එනවිට. සුදුලූනු ඉගුරු පේස්ට් එක, අබ පේස්ට් එක, තලා ගත් කරාබු නැටි, එන්සල්, ලුනු, සීනි, මිරිස් කුඩු, කහ දමා හොදින් කලවම් කරන්න.
  • එය තද පාටට හැරී ගෙන එන විට ( විනාකිරි හිදෙන්න දෙන්න එපා ) බීට් රූට් , රතුලූනු සහ අමු මිරිස් එකතු කර හොදින් කලවම් කරන්න.
  • විනාඩි කිහිපයක් ලිපේ තියෙන්න දී ලිප වසන්න.
  • රස්නෙන් තව ටිකක් වෙලා ලිප මත තියෙන්න දෙන්න. දවසක් දෙකක් ගියාට පස්සෙ කෑමට ගන්න.

 පෙනුම වගේම තමා රසත්.



ලිපිය ලිව්වේ: Shiki Ranasinghe මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment