About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Festive Savoury Rice - ෆෙස්ටිව් සේවරි රයිස්

අවශ්‍ය දේව: සේදා වතුර බේරා ගත් බාස්මති හාල් 1 kg මස් තැම්බු වතුර හෝ සුප් කැට ( ලොකු කැට 3 ක් හෝ පොඩි …
Festive Savoury Rice - ෆෙස්ටිව් සේවරි රයිස්
අවශ්‍ය දේව:
  • සේදා වතුර බේරා ගත් බාස්මති හාල් 1 kg
  • මස් තැම්බු වතුර හෝ සුප් කැට ( ලොකු කැට 3 ක් හෝ පොඩි කැට 6 ක්) 11/2 l
  • චීස් 50 g ක්
  • මාගරින් මේස හැදි 5ක් හෝ 6ක්
  • ලුනු අවශ්‍ය තරම්
  • කපා ගත් තක්කාලි 300 g
  • කපා ගත් මාලු මිරිස් 150 g (ඇට ඉවත් කර හීනියට කපා ගන්න)
  • තක්කාලි සෝස් මේස හැදි 3ක්
  • සෝයා සෝස් මේස හැදි 2ක්
  • කපා ගත් හතු 300g
  • අමු ඉස්සන් 200g
  • අමු බේකන් පෝක් කපා ගත් මස් කැබලි 250g ක්
  • අමු තුනපහ කුඩු තේ හැදි 2ක්
  • කපා ගත් පාස්ලි 100g ක්

සාදාගන්නා ආකාරය:
  • කපා ගත් රට ළුණු (රන්වන් පාට වන තුරැ බැද ගන්න), ප්ලම්ස් 50g, කජු 75g මේ තුන වෙනම ගැඹුරැ තෙලෙන් බැද ගන්න
  • සෝදා වතුර බේරා ගත් හාල් ලුනු හා මස් තැම්බු වතුර හෝ සුප් වතුර දමා උයා ගන්න.
  • වෙනත් භාජනයක් ලිප තබා මාගරින් රත් කරන්න. රත් වු විට එයට කපා ගත් ඉස්සන් හා බේකන් දමා බැදෙන්නට හරින්න.
  • ඉන්පසු කපාගත් හතු, පාස්ලි, තක්කාලි, මාලු මිරිස් යනාදිය එක්කර සෝස් වර්ග හා තුනපහ කුඩුද මෙයට මිශ්ර කරන්න. ඉන්පසු ලුනු අවශ්‍ය පමනට දමා ඉන්පසු උයා ගත් බත මිශ්ර කරන්න.
  • බැදගත් ළුණු, කජු, ප්ලම්ස් වලින් භාගයක් බතට ම්ශ්ර කර ඉන්පසු චීස් කැබැල්ල බත් උඩට ග්රේටරයකින් ගා ගන්න.
  • පසුව ඉතුරැ භාගෙන් (ළුණු, කජු, ප්ලම්ස්) බත සරසා ගන්න.





 හදලා බලන්නකෝ එහෙනම්. රසයි.



ලිපිය ලිව්වේ: Nimantha N Nilupuli විසින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment