About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Vegetable Biryani - එලවලු බුරියනි

සාදාගන්නා ආකාරය: මුලින් බත් බෙරි නොකර උයා ගන්න. බත් එක උයා ගන්න කොට එකට කුරුදුපොතු ටිකක්, කරදමුංගු ට…
Vegetable Biryani - එලවලු බුරියනි
සාදාගන්නා ආකාරය:
  • මුලින් බත් බෙරි නොකර උයා ගන්න. බත් එක උයා ගන්න කොට එකට කුරුදුපොතු ටිකක්, කරදමුංගු ටිකක්, කරාබු නැටි හා රස අනුව ලුණු දාන්න.
  • පසු උයා ගත් ටික කොටස් දෙකකට බෙදා ගන්න.
  • එක කොටසක් සුදුවටත්, අනිත් කොටසට රෝස් වෝටර් ටිකක් සමග දිය කරගත් කහ පාට පුඩ් කලරින් ටිකක් මිශ්‍ර කර එක අනිත් බත් කොටසට දාලා කලවම් කරන්න.
  • වෙජිටබල්ස් බුරියානි සදහා කැමති එලවලු එක් කරන්න පුළුවන්. මම දැම්මෙ කැරට්, බෝන්චි, ග්‍රින් පීස් සහ අල.
  • මුලින් භාජනයක් ලිප තියලා එකට එලගි තෙල් හෝ බටර් දාන්න. පසු එකට ගරම් මසාල පවුඩර් මේසහැදි 1ක් පමණ දමා හොදින් බැදෙන්නට හරින්න. පස්සෙ එකට හිනියට කපා ගත් ලුනු දමා රන්වන් පාට වනතුරු බැදෙන්නට හරින්න
  • පසු එයට කපා ගත් අමුමිරිස් හා ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක් දමා බැදෙන්නට හරින්න.
  • ටික වේලාවකට පස්සෙ අවශ්‍ය පමනට කහ කුඩු හා කැමති නම් මිරිස් කුඩු ටිකක් එක් කර ගන්න
    පස්සෙ එකට සමාන්‍ය පොඩියට කපා ගත්ත එලවලු හා තක්කාලි ටික දමා හොදින් මිශ්‍ර කර පොඩි වේලාවක් බැදෙන්නට හරින්න
  • පසු එකට මුදවපු කිරි කෝප්ප 1/4 හෝ යෝගට් කෝප්ප 1/4ක් දමා හොදින් මිශ්‍ර කරන්න. රස අනුව ලුණු ද දමා ගන්න.
  • පසු එලවලු ටික උයා ගන්න ඕනා ප්‍රමාණයට වතුර දමා ගෙන එලවලු ටික උයා ගන්න. ටිකක් උකුවට කරි ගතිය තියා ගන්න.
  • මේ එලවලු මිශ්‍රනයට කජු ටිකක්, ප්ලම්ස් ටිකක් හා තියෙනවා නම් ආමන්ඩ් ඇට ටිකක් එක් කර පොඩි වේලාවක් ලිපේ තියන්න.
  • දැන් වෙනත් බත් ටික දාන්න පුළුවන් භාජනයක් අරගෙන එකට මුලින් සුදුවට තියෙන බත් එකෙන් ටිකක් අතුරා ගන්න.
  • පසු එයට උඩින් හදා ගත් එලවලු මිශ්‍රනයෙන් ටිකක් දමා උඩින් අතුරා ගන්න. එකටම පොඩියට කපා ගත් කොත්තමල්ලි කොල ටිකක් අතුරා ගන්න. දැන් කහ පාට මිශ්‍ර කර ගත් බත් එකෙන් ටිකක් එ උඩින් අතුරා ගන්න.
  • ඔය වගේ තියෙන රයිස් හා එලවලු ඉවර වෙනකම් දමා ගන්න.
  • පස්සෙ කැමති නම් එ උඩින් බටර් වල බැද ගත් කජු හා ටිකක් අන්තිමට දමා ගන්න පුළුවන්
    පස්සෙ භාජනයේ මුඩියකින් භාජනය වසා අඩු ගින්දරේ විනාඩි 5 වගේ තියා ගන්න.
  • හරි ක්‍රමය නම් පාන් පිටි අරගෙන එකට වතුර දාලා රොටි මිශ්‍රනයක් වගේ හදා ගෙන එක හොදින් තුනි කර ගෙන එ දමා ගත් බත් භාජනයේ කට කවර් කර අවන් එකේ විනාඩි 5-10 තියා ගන්න ඕනා
    පස්සෙ බුරියානි එක පිගානට දාන කොට පැත්තකින් හොදට සියල්ල කලවම් කර බෙදා ගන්න.

තේරුනා මදි වගේනම් පල්ලේ තියෙන ජායාරූපත් බලන්න.

මේ බත් එක තියා ගත්ත විදිය
ඕනා වෙජිටබල්ස් ටික.මෙකට ඕනා නම් කොලි පලවර් දාන්න පුළුවන්
 
මුලින් ghee ලිපේ තියලා එකට ගරම් මසාල දමා ගත් විදිය
 
 එකට හිනියට කපා ගත්ත ලුනු දාලා රන්වන් පාටට බැද ගත් විදිය
පස්සෙ අමුමිරිස් හා ඉගුරු සුදුලුනු පේස්ට් දාලා ටික වේලාවක් බැදෙන්නට හැරියා
පසු කහ රස අනුව ලුණු හා කැමති නම් මිරිස් කුඩු දමා ගත් විදිය
පසු එකට වෙජිටබල්ස් ටික මිශ්‍ර කරන්න
 ටික වේලාවකින් එකට මුදවපු කිරි හෝ යොගට් දමා ගන්න
අවශ්‍ය ප්‍රමාණයට වතුර දාන්න
මේ තියෙන්නේ රෝස් වෝටර් එකට කහ පාට පුඩ් කලරින් ටිකක් එක් කර ගත් විදිය
පස්සෙ වෙන් කරගත් බත් කොටසට එ පාට දමා ගත් විදිය
මේ බත් එක කලවම් කර ගත් විදිය
 වෙජිටබල්ස් මිශ්‍රනයට කජු ප්ලම්ස් හා ආමන්ඩ් දමා ගත් විදිය
මේ භාජනයකට සුදු බත් දාලා එකට උඩින් එලවලු කරිය දාලා තියෙන විදිය
 නැවත පාට දැමු බත් දමා ගත් විදිය
 දැන් ඔය විදියට දිගටම කර ගෙන යන්න


ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය. ස්තූතියි ඇයට.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment