About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mele Achcharu - මැලේ අච්චාරු

අවශ්‍ය දේවල්: මාළු මිරිස් ග්‍රෑම් 200 යි රතුළූණු හෝ බොම්බයි ළූණු ග්‍රෑම් 300 යි කැරට් ග්‍රෑම් 200 යි රට…
Mele Achcharu - මැලේ අච්චාරු
අවශ්‍ය දේවල්:
  • මාළු මිරිස් ග්‍රෑම් 200 යි
  • රතුළූණු හෝ බොම්බයි ළූණු ග්‍රෑම් 300 යි
  • කැරට් ග්‍රෑම් 200 යි
  • රට ඉඳි ග්‍රෑම් 450 යි
  • ලුණු දෙහි ගෙඩි 2 යි
  • සීනි ග්‍රෑම් 250 යි
  • අඹරාගත් අබ, ඉඟුරු
  • විනාකිරි කෝප්ප 3/4 යි
  • සුදු ළූණු බික් 2 යි
  • තරමක් ලොකු අන්නාසි පෙති 3 ක්
  • මිරිස් කුඩු ග්‍රෑම් 30 ක් පමන (ඔබේ රස අනුව)
  • රස අනුව ලුණු
  • සමහරු ඇඹරැල්ලාද එකතුකරගනී

සාදාගන්නා ආකාරය:
  • කැරට් තීරු වශයෙන් කපාගන්න. මාළු මිරිස් කරල් දෙකටද, අන්නාසි හතරැස් තරමක කැබලිද හා බොම්බයි ළූණු ගෙඩි 4 ට ද ලුණුදෙහි කැබලි දිග තීරුවලටද කපන්න.
  • දැන් බඳුනක් ගෙන එයට විනාකිරි දමා අඹරාගත් අබ, සුදුළූණු ඉඟුරු, ලුණු දමා ළිප තබන්න.
  • මෙයට සීනිද එකතුකොට හැඳිගාන්න.
  • මිශ්‍රණය උතුරාගෙන එන විට එය ලිබෙන් බා එයට කපාගත් මාළු මිරිස්, කපාගත් කැරට්, රට ඉඳි, අන්නාසි, ලුණුදෙහි දමා මද වේලාවක් හොඳින් කළවම් කරගන්න.
  • මෙය නිවුන පසු වියළි බෝතලයක අසුරා තැබීමෙන් කල්තබාගත හැක.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment