About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Rabu Achcharu - රාබු අච්චාරු

අවශ්ය දේ රාබු අල 4-5 රතුලූනු කෝප්පයක් අමු මිරිස් කරල් කිහිපයක් විනාකිරෙන් අඹරාගත් ඉගුරු සහ සුදුලූනු වින…
Rabu Achcharu - රාබු අච්චාරු
 අවශ්ය දේ
  • රාබු අල 4-5
  • රතුලූනු කෝප්පයක්
  • අමු මිරිස් කරල් කිහිපයක්
  • විනාකිරෙන් අඹරාගත් ඉගුරු සහ සුදුලූනු
  • විනාකිරෙන් අඹරා ගත් අබ
  • කහ,මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • තලාගත් එන්සල් කරල් 2-3
  • විනාකිරි
  • ලුනු අවශ්ය පමණ

සාදන ආකාරය
  • රාබු අල සුද්ධ කර සෝදා සිහින්ව ලියා ගන්න. අමු මිරිස් සෝදා පැත්තකින් තියන්න. රතුලූනු සුද්ද කර සෝදා පැත්තකින් තියන්න.දැන් මැටි බාජනය අරගෙන විනාකිරි කෝප්ප 1/2 විතර එයට දමා ලිප තියන්න. විනාකිරි උතුරා ගෙන එන විට ඉගුරු,සුදුලූනු පේස්ට් එක,අබ පේස්ට් එක එයට දමන්න. විනාඩියක් විතර මෙය විනාකිරෙන් තම්බාගත් පසු කහ, මිරිස් කුඩු, ගම්මිරිස්,එන්සල් සහ ලුනු එකතු කරන්න. එයටම රතුලූනු,අමු මිරිස් සහ රාබු එකතු කර හොදින් කලවම් කරමින් විනාකිරෙන් තම්බා ගන්න. ටිකවෙලාවක් යනකොට රාබු වලින් වතුර උනනවා. වතුර හිදෙන තුරු ලිපේ තියා මද ගින්නේ පිස ගන්න. මෙය දවසක් විතර ගියාට පස්සෙ හරිම රසවත් අච්චාරුවක්.
  • තවත් විදියකට මෙය හදන්න පුලුවන්. රාබු ලියා ගෙන විනාකිරි මේස හැදි 4-5 විතර දමා කලින් පිස ගන්න. එතකොට රාබු වලින් උනන වතුරත් සමග විනාකිරි මිශ්‍ර වී රාබු තම්බා ගන්න පුලුවන්. වතුර හොදින් හිදුනු පසු ලිපෙන් ඉවත් කර පැත්තකින් තියන්න. මැටි වලදක් ගෙන තවත් විනාකිරි කෝප්ප බාගයක් විතර දමා එය උතුරන විට ඉගුරු සුදුලූනු පේස්ට් එක, අබ පේස්ට් එක දාන්න. ටික වෙලාවකින් එයට කහ, මිරිස්කුඩු,ගම්මිරිස් කුඩු, එන්සල් සහ ලුනු දමන්න. එයටම අමුමිරිස් සහ රතුලූනු දමා විනාකිරෙන් ටික වෙලාවක් තම්බා ගන්න. දැන් කලින් විනාකිරෙන් තම්බා ගත් රාබු එකතු කර හොදින් කලවම් කරන්න. ලුනුරස බලා ලිපෙන් ඉවත් කරන්න.
ලිපිය ලිව්වේ Shikifood ෆේස්බුක් පිටුවේ අය. ස්තූතියි ඔවුන්ට.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment