About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Sudu Lunu (Garlic) Achcharu - සුදුලූනු අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය : සුදුලූනු බික් කෝප්පයක්, දෙකක් කොච්චි මිරිස් කෝප්පයක් අබ තේ හැන්දක් සූදුරු තේ හැන්දක් …
Sudu Lunu (Garlic) Achcharu - සුදුලූනු අච්චාරුව
 අවශ්‍ය ද්‍රව්‍ය :
  • සුදුලූනු බික් කෝප්පයක්, දෙකක්
  • කොච්චි මිරිස් කෝප්පයක්
  • අබ තේ හැන්දක්
  • සූදුරු තේ හැන්දක්
  • කරාබු නැටි කිහිපයක්
  • එන්සල් කරල් කිහිපයක්
  • මිරිස් කුඩු,කහ කුඩු, තුනපහ කුඩු ස්වල්පයක්
  • රස අනුව ලුනු
  • තෙල්
  • විනාකිරි කෝප්ප බාගයක්

සාදන ආකාරය:
  • සුදු ලූනුවල පොතු හැර සෝදා ගන්න. වතුර වියලා ගෙන එක දික් අතට දෙකට කපා ගන්න. කොච්චිත් සෝදා වතුර වියලා ගන්න.
  • තෙල් තාච්චියක් ලිප තබා තෙල් රත් වී විට සුදුලූනු දමා බැද ගන්න. ගොඩක් දුඹුරු පාට වෙනකම් බදින්න ඕන නැහැ.
  • යන්තම් දුඹුරු පාටට හැරීගෙන එන විට සුදුලූනු තෙලෙන් ඉවතට ගෙන ටිශූ පේපර් එකක් මත තියා තෙල් බේරා ගන්න. කොච්චිත් මේ විදියටම බැද ගන්න ඕන. (උනු තෙලෙන් කොච්චි බදින කොට පරිස්සම් වෙන්න. මොකද කොච්චි පුපුරන කොට තෙල් විසිවෙන නිසා. ඒ නිසා මිරිස් රත් වූ තෙලට දානකොට ලිප වහලා දාන්න) තෙල් රත්වෙලා තියන නිසා මිරිස් ටික වෙලාවක් ඒ රස්නෙන් බැදුනම ඇති. එයත් තෙල් බේරෙන්න තියන්න.
  • ඒ අතරෙ අබ සහ සූදුරු එකට අඹරා ගන්න (මතක තියා ගන්න අබ වැඩි උනොත් තිත්ත රසක් එනවා. ඒ නිසා සුදුලූනු කෝප්පයක් - දෙකක් විතර ගත්තත් අබ තේ හැන්දක් හොදටම ඇති)
  • කරාබු නැටි දෙක තුනත්, එන්සල් කරල් කිහිපයත් තලා ගන්න.
  • දැන් මැටි හට්ටියක් ලිපේ තියලා එයට විනාකිරි දාන්න. විනාකිරි උතුරන විට මිරිස්කුඩු, කහ, තුනපහ කුඩු දාන්න.
  • එයටම අබ- සූදුරු පේස්ට් එක , කරාබු නැටි- එන්සල් කරල් කිහිපය සහ ලුනු එකතු කරන්න.
  • දැන් බැදගත් සුදුලූනු සහ කොච්චි මිරිස් එකතු කර හොදින් කලවම් කරන්න.
  • විනාකිරි ටික හිදෙනතුරු ලිපේ තියලා හට්ටිය ලිපෙන් ඉවත් කරන්න. නිවෙනතුරු හට්ටිය පියනෙන් වහන්න එපා. හොදින් නිවුනට පස්සෙ බෝතල්වල අසුර ගන්නත් පුලුවන්. දවසක් දෙකක් තියල කෑමට ගන්න.
ලිපිය ලිව්වේ Shikifood ෆේස්බුක් පිටුවේ අය. ස්තූතියි ඔවුන්ට.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment