- රැයක් වතුරෙන් පොගවා ගත් බත්
- සිහින්ව කපා ගත් රතුලූනු
- සිහින්ව කපා ගත් අමු මිරිස්
- සිහින්ව කපා ගත් තක්කාලි කෑල්ලක් ( අවශ්‍යම නෑ )
- සිහින්ව ගා ගත් උම්බලකඩ
- උකු පොල් කිරි
- රස අනුව ලුනු සහ දෙහි ඉස්ම
සාදන ආකාරය:
- ගොඩක් වෙලාවට රෑට ඉතිරි වුනු බත් වලින් තමයි උදේට කන්න දියබත් හදන්නෙ.
- ඒ ඉතිරි වුනු බත් එක වැහෙන්නම වතුර දාල තියන්න රැයක්.
- ඊට පස්සෙ උදේට ඒ වතුර ටික පෙරා ගෙන අයින් කරල බත් ටික විතරක් බාජනයක දාන්න.
- එයට කපා ගත් රතුලූනු,අමු මිරිස්, තක්කාලි,උම්බලකඩ දාන්න.
- එයට රස අනුව ලුනු සහ දෙහි ඉස්ම එකතු කර උකු පොල් කිරි දමා හැන්දකින් කලවම් කරන්න.