About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Tandoori Yellow Rice - තන්දූරි කහබත්

මේක ඉන්දියන් අය හදන කහබතක්. මේකෙ විශේෂත්වය තමා මේකත් එක්ක කන්න ව්‍යාංජන (Curry) මුකුත්ම ඕනෙ නෑ. ඕනෙ…
Tandoori Yellow Rice - තන්දූරි කහබත්
මේක ඉන්දියන් අය හදන කහබතක්. මේකෙ විශේෂත්වය තමා මේකත් එක්ක කන්න ව්‍යාංජන (Curry) මුකුත්ම ඕනෙ නෑ. ඕනෙම නම් තමන්ට අවශ්‍ය ව්‍යාංජනයක් හදාගන්න පුළුවන්.

අවශ්‍ය දේවල්
  • ලූණු, සුදුලූනු, ඉඟුරු, කුරුදු පොත්තක් සහ එනසාල් ටිකක්
  • පොල් තෙල්
  • Curry Powder තේ හැඳි 1ක්
  • ගම්මිරිස් තේ හැඳි 1ක්
  • වතුර
  • පොල්කිරි (අවශ්‍ය නම්)
  • හාල් කෝප්ප 2ක්
  • රම්පෙ, කරපිංචා, කරාබු නැටි 2ක්, කහ තේ හැඳි 1/2ක් සහ ලුණු
  • බී ලූණු ගෙඩියක්
  • කෑලි මිරිස්

සාදාගන්නා ආකාරය:
පලමුවෙන්ම තන්දූරි හොද්ද හදාගන්න මේ විදිහ:
  • ලූණු, සුදුලූනු, ඉඟුරු, කුරුදුපොත්තක්, එනසාල් පොඩි වංගෙඩියක කොටාගන්න.
  • භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒකට කොටාගත් පේස්ට් 1ක් දාන්න.
  • Curry Powder තේ හැඳි 1ක්, ගම්මිරිස් තේ හැඳි 1ක් එකතු කරලා වතුර අඬු කෝප්ප 1 1/2ක් දාලා පැස්සව ගන්න (ඔයාලාට උවමනා නම් මේ හොද්ද පොල්කිරි වලිනුත් හදා ගන්න පුළුවන් ඒත් මම නම් කවදාවත් කහබතට පොල් කිරි එකතු කරන්නේ නෑ. මොකද මත් ගතිය වැඩි වෙන නිසා. වැඩ කරන කෙනෙක්ට නම් එහෙම කාලා වැඩ කරන්න අපහසු වෙන නිසා. ඒත් ඔයාලා කැමැති නම් වතුර වෙනුවට පොල් කිරි එකතු කරගන්න පුළුවන්)

දැන් බත හදාගන්න මේ විදිහට:
  • හාල් කෝප්ප 2ක් සෝදලා රම්පෙ, කරපිංචා, එනසාල්, කරාබු නැටි 2ක්, කහ තේ හැඳි 1/2ක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට දමා අර හදාගත්ත හොඳි එක එයටම එකතු කර බත පිසගන්න. වතුර දමන්න එපා හොඳි එකෙන් විතරයි බත පිසගන්නෙ.
  • දැන් වෙනම භාජනයකට තෙල් ස්වල්පයක් තමා ලොකු බී ලූණු ගෙඩියක් ලියා කෑලිමිරිස් එකතු කර තෙම්පරාදු කරන්න.
  • බත ඉදුනාට පසු තෙම්පරාදු කරගත් ලූණු ටික එයට දමා කලවම් කරන්න.

ලිපිය ලිව්වේ: දිලිණි මදුෂිකා මහත්මිය. ස්තූතියි ඇයට!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment