About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Homemade Biscuits - ගෙදරදිම බිස්කට් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය: පාන් පිටි කෝප්ප 1 1/2 බිත්තර 1 බේකින් පව්ඩර් තේ හැදි 1/2 වැනිලා තේ හැදි 1 සීනි කෝප්ප 1/…
Homemade Biscuits - ගෙදරදිම බිස්කට් හදමු
අවශ්‍ය ද්‍රව්‍ය:
  • පාන් පිටි කෝප්ප 1 1/2
  • බිත්තර 1
  • බේකින් පව්ඩර් තේ හැදි 1/2
  • වැනිලා තේ හැදි 1
  • සීනි කෝප්ප 1/2
  • මාජරින් 100g

සාදන ක්‍රමය :
  • මුලින්ම මාජරින් ටික උණු කර ගන්න. (දියවෙන තුරු පමණි)
  • මාජරින් ටික හොදටම නිවුණු පසු එයට වැනිලා තේ හැන්දක් සහ සීනි කෝප්ප භාගය එකතු කර හොදින් හැදිගාමින් සීනි ටික දිය කර ගන්න (ඇට ලොකු සීනි නම් කුඩු කර එකතු කර ගන්න. එවිට සීනි දියවීමට පහසුවේ.)
  • වෙනත් භාජනයක හොදින් ගසා ගත් බිත්තරයක්ද එම මාජරින් මිශ්‍රනයටම එකතු කර ක්‍රීම් එකක් වෙනතුරු හැන්දකින් මිශ්‍ර කරන්න.
  • සීනි හොදින් දියඋණු පසු එම මිශ්‍රණයට පාන් පිටි හා බේකින් පව්ඩර් එකතු කර අතින් රොටි පදමට එනතුරු හොදින් අනා ගන්න. (අතේ නොඇලෙන පදමට)
  • මෙම අනාගත් රොටිය ලෑල්ලක් මත තුනී කර ගන්න. (ඕනවට වඩා තුනී කරන්න එපා. සාමාන්‍ය ගණකමක් හිටින්න තුනී කරන්න. )
  • පසෙකින් බේකින් තැටියක තෙල් කඩදාසියක් අතුරා සූදානම් කර තබා ගන්න. 
  • මේ වෙද්දි ඔබේ අවන් එක 180 °C උෂ්ණත්වයට රත් වීමට සූදානම් කර ගන්න.
  • දැන් ඔබ තුනී කරගත් රොටියෙන් කැමති හැඩතලයකට බිස්කට් කපා ගන්න. (මම නම් කෝපි බොන කුඩා වීදුරුවකින් රවුම් රවුම් කපා ගත්තා)
  • පසෙකින් සූදානම් කර ගත් සීනි දැමූ පීරිසියක කපා ගත් රවුම් හෝ වෙනත් හැඩයේ කැබලි එකින් එක ගෙන එක පැත්තක පමණක් සීනි තවරා බේකින් තැටිය මත සිනි තැවරූ පැත්ත උඩට හිටින සේ පිළිවෙලින් අතුරන්න.
  • 180 °C උෂ්ණත්වයට කලින් සූදානම් කරගත් අවන් එකේ විනාඩි 8 -10 වැනි කාලයක් ඇතුළත මෙම බිස්කට් පුළුස්සා ගන්න. (වැඩි වෙලා අවන් එකේ තියන්න එපා. පැත්ත හරවන්න යන්නත් එපා. මේ බිස්කට් ඉක්මනින් කර වෙනවා.)
  • ඔයාලට මෙම මිශ්‍රණයට චොකලට් පව්ඩර් එකතු කර ගෙන චොකලට් බිස්කට් හදා ගන්න පුළුවන්.
  • ඒ වගේම ඔයාලා කපා ගන්නා බිස්කට් බ්ලොක් එකේ මැද හිලක් හදලා ඒ මත ජෑම් වැනි යමක් දාල හදා ගන්නත් පුළුවනි.
  • තවද සාදා ගත් බිස්කට් එකක් මත ජෑම් තවරා ඒ මත තවත් බිස්කට් එකක් තබා අලංකාරවත් හා වෙනස් රසයකින් යුතු බිස්කට් සාදා ගත හැකිය.
  • මෙලෙසින් සාදා ගත් බිස්කට් මතට ඔබ කැමති නම් අයිසින් ෂුගර් ටිකක් පෙනේරයකින් හලා ගන්න පුළුවන්. (මේ දේවල් ඔබේ රස අනුව, ඔබේ කැමැත්ත අනුව වෙනස් කර ගන්න)
  • අවන් එකෙන් එළියට ගත් සැණින් බිස්කට් නිවෙන්නට හරින්න. විනාඩි කීපයකින් ඔබ අතින්ම සාදා ගත් ක්‍රිස්පි වගේ කරස් ගාලා හැපෙන රසවත් අලුත් සුවදක් ඇති බිස්කට් එක්ක කන ගමන් තේ එකක් බොන්න පුළුවන් නේද?


ලිපිය ලිව්වේ: Gayana Nethmi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment