- හාල් කප් 2 1/2
- ලොකු රතු පාට තක්කාලි ගෙඩි 4-5
- හිනියට දිග අතට කපා ගත් ලුනු ටිකක් වැඩිපුර
- ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක්
- කරපිංචා ටිකක් හිනියට කපා ගන්න කොත්තමල්ලි කොල ටිකක්
- සුදුරු තේහැදි 1
- කහ ටිකක් හා කොත්තමල්ලි පවුඩර් තේහැදි 1
- රස අනුව ලුණු
සාදා ගන්නා අයුරු:
- මුලින් බත් එක බේරි නොකර උයා ගන්න.
- දැන් භාජනයක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දමා රත් වු පසු එයට ඉගුරු සුදුලුනු පේස්ට් ටික හා සුදුරු ටික දමා හොදින් බැදෙන්නට හරින්න.
- දැන් එයට කපා ගත් ලුනු ටික දාලා රන්වන් පාටට බැදෙන්නට හරින්න.
- පසු එයට කපා ගත් තක්කාලි ටික හා කරපිංචා ටික දමා හොදින් බැදෙන්නට හරින්න.
- ටික වේලාවක් ගියාම එකට රස අනුව ලුණු / කහ ටිකක් හා කොත්තමල්ලි පවුඩර් දමා හොදින් මිශ්ර කරන්න.
- තක්කාලි ටික හොදින් බැදුණු පසු හැන්දෙන් හොදින් පොඩි කර ගන්න.
- පසු එකට උයා ගත් බත් ටික හා කොත්තමල්ලි කොල දමා හොදින් මිශ්ර කර ගන්න.