About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kabsa Rice (Saudi Arabian ) - කබ්සා රයිස්

අවශ්‍ය ද්‍රව‍ය: බාස්මති 2 කප් (කැමති ප්‍රමාණයක් හාල් ගෙන මේ දමා තියෙන එවා වැඩි කරන්න ) ඔලිව් ඔයිල් 2 …
Kabsa Rice (Saudi Arabian ) - කබ්සා රයිස්

අවශ්‍ය ද්‍රව‍ය:
  • බාස්මති 2 කප් (කැමති ප්‍රමාණයක් හාල් ගෙන මේ දමා තියෙන එවා වැඩි කරන්න )
  • ඔලිව් ඔයිල් 2 tbs
  • බටර් 1 tbs
  • කරාබු නැටි 3-4
  • බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3
  • කරදමුංගු ටිකක්
  • පොඩියට කපා ගත් ලුනු කප් 1
  • පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5
  • ටොමැටෝ පේස්ට් 2tbs
  • පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1
  • කොත්තමල්ලි කුඩු 2tbs
  • සුදුරු 1/2tsp
  • රස අනුව ලුණු
  • චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර දිය කර ගන්න )
  • ප්ලම්ස් හා කජු ටිකක්
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g

සාදා ගන්නා අයුරු:
  • මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න.
  • පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.
  • පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න.
  • පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා )
  • පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න.
  • පසු එකට ටොමැටෝ පේස්ට් ටික හා ටොමැටෝ සෝස් ටිකක් දමා කලවම් කර ගන්න.
  • පසු මේ මිශ්‍රනයට කොත්තමල්ලි කුඩු/සුදුරු කුඩු හා
  • රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
  • අන්තිමට සොදා ගත් හාල්/කජු ප්ලම්ස්/ගම්මිරිස් කුඩු දමා ගන්න.
  • පසු බත් උයා ගන්න ප්‍රමාණයට චිකන් ස්ටොක් දමා බත් බේරි නොකර උයා ගන්න. (හරි රසයි වගේම හොඳ සුවදකුත් එනවා.)
  • ඔයාලාට ඕනේ නම් පොඩියට කපා ගත් තක්කාලි ගෙඩි 2කුත් ලුනු බදින කොට මේකට දමා ගන්න පුළුවන්.
  • එ වගේම චිකන් ටික තම්බා ගෙන එම එලියට අරගෙන කේක් ට්‍රේ එකක දමා බේක් කරලා ගන්නත් පුළුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment