About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Polos Achcharu - පොලොස් අච්චාරු

අවශ්‍ය දෙවල්: ළපටි පොලසේ ගෙඩි 2ක්. (කිලෝ ග්‍රෑම් 1ක් පමණ) අමු මිරිස් 50g ඉගුරු 25 g සුදු ළුනු 25 g රතු ළ…
Polos Achcharu - පොලොස් අච්චාරු

අවශ්‍ය දෙවල්:
  • ළපටි පොලසේ ගෙඩි 2ක්. (කිලෝ ග්‍රෑම් 1ක් පමණ)
  • අමු මිරිස් 50g
  • ඉගුරු 25 g
  • සුදු ළුනු 25 g
  • රතු ළුනූ 100 g
  • අබ 25 g
  • වියළි මිරිස් කරල් 10 - 15ක් පමණ
  • විනාකිරි කෝප්ප 1/2
  • කහ කුඩු තේ හැදි 1/2
  • ගොරකා කැබලි 4ක්
  • සීනි තේ හැදි 2ක්
  • දෙහි යුෂ
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා අයුරු:
  • පොලොස්වල පොත්ත ඉවත් කර කැබලි වලට කපා ගන්න. ඉන් පසු එයට ගොරකා සහ ලුණු එකතු කර මෙලෙක් වනතුරු තම්බා ගන්න.
  • වියළි මිරිස් සහ අබ ටික විනාකිරෙන් තලපයක් ලෙස අඹරා ගන්න.
  • මුළින් තම්බාගත් පොලොස් වලට දෙහි ගෙඩියක යුෂ එක්කර ගලේ තබා යන්තමට අඹරා ගන්න.
  • පොලොස් ටික බදුනකට දමා මිරිස් කුඩු සහ අඹරාගත් අබ තලපය එයට එකතු කරන්න.
  • පසු අමු මිරිස්, ඉගුරු, සුදු ළුනූ, සහ ලුණු ද දමන්න. මෙයටම ඉතිරි විනාකිරි, ලූනූ, සහ සීනි එක්කර විනාඩි 5ක් පමණ ලිප තබා උයා ගන්න.
  • ලිපෙන් බා නිවුණු පසු බෝතලයක දමා වසා තබා අවශ්‍ය අවස්ථාවක සංග්‍රහයට එක් කරන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment