About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Dunthel Bath (Exposed Rice) - දුන්තෙල් බත

අවශ්‍ය දෙවල්: සුවඳැල් සහල් 300g ලුණු 30g දුන්තෙල් වලින් තෙම්පරාදු කරගත් කුඩාවට කපාගත් ලංකා අල 200g කජු …
Dunthel Bath (Exposed Rice) - දුන්තෙල් බත

අවශ්‍ය දෙවල්:
  • සුවඳැල් සහල් 300g
  • ලුණු 30g
  • දුන්තෙල් වලින් තෙම්පරාදු කරගත් කුඩාවට කපාගත් ලංකා අල 200g
  • කජු 100g
  • මුද්දරප්පලම් 20g
  • රම්පෙ , කරපිංචා ස්වල්පයක්
  • කරදමුංගු ඇට 3
  • කරාබු නැටි 3
  • තෙලෙන් බැඳගත් කරපිංචා කොළ ටිකක්
  • දුන්තෙල් මේස හැදි 8 පමණ
  • ලුණු ස්වල්පයක්
  • පොල් කිරි 300g
  • වතුර ලීටර් 2

ස්ටොක් එක සාදන ක්‍රමය
  • කරපිංචා, කරාබු නැටි, කරදමුංගුඑක පොට්ටනියකට දමා බැඳගන්න.
  • පළමුව භාජනයක් ගෙන එයට වතුර, ලුණු සහ කරාබු නැටි, කරපිංචා, කරමුංගු මිශ්‍ර පොට්ටනිය දමා තම්බාගන්න.
  • ලිපෙන් බාගන්නට ආසන්නව පොල්කිරි ටික දමා උතුරවා ගන්න.
  • අවසානයේ මෙම ස්ටොක් එක ලීටර් 1 1/2කට පමණ සැකසේ.

බත සකසා ගැනීම
  • සහල් හොඳින් කහ වතුරෙන් සෝදාගන්න. භාජනයකට දුන්තෙල් දමා රත් වූ පසු රන්වන් පැහැය වනතුරු ළූණු, රම්පෙ, කරපිංචා බැදගන්න.
  • පසුව සෝදාගත් සහල් ටික එයට දමා විනාඩි 2ක් පමණ බැදෙන්නට හරින්න.
  • ඉහත සාදාගත් පොල්කිරි මිශ්‍ර ස්ටොක් එක සහල් මිශ්‍රණයට එක්කර ගන්න. සාමාන්‍ය බතක් සකසන ආකාරයට එවිට බත සකසාගත හැකියි.
  • පසුව බැදගත් කජු, කරපිංචා, රම්පෙ, මුද්දරප්පලම් ටික දමා හැන්දෙන් දෙපාරක් කරකවා කලවම් කරගන්න.
  • සුවඳ විහිදුවමින් කෑම රුචිය ඇති කරන මේ දුන්තෙල් බත කෑම මේසයට යවන්න.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment