About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Special Mix Rice - ස්පේෂල් Mix රයිස් එකක්

අවශ්‍ය දෙවල්: උයා ගත් බාස්මති රයිස්�����������������������������������������������������������������…
Special Mix Rice - ස්පේෂල් Mix රයිස් එකක්

අවශ්‍ය දෙවල්:
  • උයා ගත් බාස්මති රයිස්                                                                       
  • පොඩියට කපා ගත්ත කැරට් ගෙඩියක්
  • හිනියට දිග අතට කපා ගත්ත බෙල් පේපර් ගෙඩි 1
  • පොඩියට කපා ගත්ත ලුනු ටිකක්
  • ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක්
  • පොඩියට කපා ගත්ත සෝසෙජස් ටිකක්
  • හිනි දිග අතට කපා ගත්ත පෝක් ටිකක් (කැමති නම් පමණක් )
  • ඉස්සෝ ටිකක්
  • සෝයා සෝස් ටිකක්
  • රස අනුව ලුණු
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • පොඩියට කපා ගත්ත මෂ්රුම් ටිකක්
  • පොඩියට කපා ගත්ත බේබි කෝන් ටිකක්
  • ස්විට් කෝන් ටිකක්
  • පොඩියට කපා ගත්ත ලුනු කොල ටිකක්

සාදා ගන්නා අයුරු:
  • මුලින් බත් බෙරි නොකර උයා ගන්න. බත් එක උයා ගන්න කොට කහ ටිකක් දමා උයා ගන්න.
  • පසු භාජනයක් ලිප තියා එකට තෙල් ටිකක් දාන්න.පසු එකට ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක් දමා බැදෙන්නට හරින්න.පසු එකට පෝක් ටික දමා හොදින් බැදෙන්නට හරින්න.
  • පසු එකට ඉස්සෝ ටිකත් දාන්න.මේ දෙකම හොදට බැදෙන්නට හරින්න.පසු එකට කපා ගත්ත ලුනු ටික දමා රන්වන් පාට වනතුරු බැදෙන්නට හරින්න.
  • පසු කපා ගත්ත බෙල් පේපර් එක් කරන්න.එක ටික වේලාවක් බැදෙන්නට හරින්න.
  • පසු කැරට් ටික/ මෂ්රුම් ටික/ස්විට් කෝන්/බේබි කෝන් දමා හොදින් මිශ්‍ර කරන්න.සොසෙජස් ටිකත් එක් කර ගන්න.
  • දැන් මේකට ගම්මිරිස් කුඩු ටිකක්/මිරිස් කුඩු ටිකක්/සෝයා සෝස් ටිකක් හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
  • දැන් මේකට උයා ගත් බත් එක දමා හොදින් මිශ්‍ර කරන්න.අන්තිමට ලුනු කොල ටිකත් දමා බත් එක හොදින් කලවම් කරන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment