About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jollof Rice - ජෙලෝප් රයිස්

අවශ්‍ය දෙවල්: මේ රයිස් එකට ඕනා තම්බපු හාල් කප් 3 හොඳ රතු පාටට තියෙන තක්කාලි ගෙඩි 3-4 ටොමැටෝ පේස්ට් මේස…
Jollof Rice - ජෙලෝප් රයිස්

අවශ්‍ය දෙවල්:
  • මේ රයිස් එකට ඕනා තම්බපු හාල් කප් 3
  • හොඳ රතු පාටට තියෙන තක්කාලි ගෙඩි 3-4
  • ටොමැටෝ පේස්ට් මේසහැදි 1 1/2
  • කුනිස්සෝ ටිකක්
  • කපා ගත් ලුනු ටිකක් වැඩිපුර
  • රතු පාට ඕනාම මිරිස් වර්ගයකින් 2-3
  • (නයි මිරිස් කියන එකේ රතු පාට එක තමා මේ අය පාවිච්චි කරන්නේ )
  • මැගි හෝ නෝර් කියුබ් 2
  • රස අනුව ලුණු
  • බිප් හෝ ඕනාම මිට් වර්ගයක්
  • තෙල්

සාදා ගන්නා අයුරු:

  • මුලින් මස් සෝදා ප්‍රෙෂර් කුකර් එකට දමා හොදට සෝප්ට් වනතුරු උයා ගන්න.
  • පසු තක්කාලි/කපා ගත් ලුනු එකෙන් ටිකක්/මැගි කියුබ්/රතු පාට මිරිස්/කුනිස්සෝ බෙලෙන්ඩර් එකට දමා වතුර ටිකක් වෙන්න දාලා හොදින් බෙලෙන්ඩර් කරන්න.
  • පසු එකට ටොමැටෝ පේස්ට් ටිකත් කලවම් කරන්න. 
  • දැන් භාජනයක් ලිප තියා එකට තෙල් ටිකක් වැඩිපුර දාන්න.පසු එකට ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක් දමා බැදෙන්නට හරින්න.
  • එකටම කපා ගත්ත ඉතුරු ලුනු ටික දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න.
  • පසු මස් ටික (තම්බා ගත් ) එකට දමා විනාඩි 5-6 බැදෙන්නට හැර එකටම බෙලෙන්ඩර් කර ගන්න තක්කාලි මිශ්‍රනය දාන්න.
  • පසු එකට වතුර ටිකක් ද එක් කරන්න.පසු මේ මිශ්‍රනය හොදටම ග්‍රේවි එකට එනතෙක් උයා ගන්න. ඔයාලාට පෙනෙවි හොදට තික් ගතිය ආවාම ලස්සන පාටට එනවා.
  • පසු බත් උයා ගන්න පුළුවන් භාජනයක් ලිප තියා එකට හොදින් සෝදා ගත් හාල් ටික දාන්න.එකටම ග්‍රින් පීස් ටිකකුත් දාන්න.
  • පසු හදා ගත් මිශ්‍රනය එකට දමා බත් උයා ගන්න ඕනා ප්‍රමාණයට වතුර දමා බත් එක උයා ගන්න.
  • බත් එකේ වතුර ගතිය අන්තිමට තිබුනොත් මද රස්නේ බත් එක වසා තියන්න.

* අනිත් එක මේ බත් උයන කොට මේ අය මේ රටේ ස්පයිස් වර්ග 2 දානවා.එකක් අපි පාවිච්චි කරන කරි පවුඩර් එක වගේ. අනිත් එක අපේ සුදුරු එක වගේ.හැබැයි සුදුරු සුවද නම් නැහැ. එ නිසා ඔයාලා මේ රයිස් එකට අපේ කරි පවුඩර් පොඩ්ඩක් දමා ගන්න.ගොඩක්ම එපා.එහෙම වුනොත් රස වෙනස් වෙයි.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment