අවශ්‍ය ද්‍රවය:
- කැකුලු සහල් 250g
- මුං ඇට 250g
- ගාගත් පොල් 200g
- ලුණු තේ හැඳි 01
- වතුර අඬු කෝප්ප 01ක්
- මුං ඇට සෝදා පිරිසිදු කර පෙඟෙන්නට තබන්න.
- ඉන්පසු පොඟවාගත් මුං ඇට භාජනයකට දමා තම්බා ගන්න.
- එය බාගෙට තැම්බෙන විට සෝදා ගරා දිය බේරාගත් සහල් එයට දමා තම්බා ගන්න.
- එලෙස බත ඉදුනු පසුව මදක් දියර ගතිය තිබියදී එයට ගාගත් ලපටි පොල් සහ ලුණු දමා මිශ්‍ර කර ගන්න.
- එලෙස මද ගින්නේ ටික වේලාවක් තබා දියර ගතිය හිඳුනු පසුව ලිපෙන් ඉවත් කර ගන්න.