- කොස් 500g
- අමුමිරිස් කරල් 2-3ක්
- ගාගත් පොල් 150g
- ළුණු ගෙඩි 4ක් 5ක්
- ගම්මිරිස් ඇට 05ක් පමණ
- සුදු ළුණුබික් 2ක් 3ක්
- අබ තේ හැඳි 02ක්
- කහ තේ හැඳි 1/2
- දියලුණු තේ හැඳි 01ක්
- කරපිංචා ඉත්තක් හා කුරුඳු පොතු කැබැල්ලක්
සකස් කරන ආකාරය
- කොස් මදුලු සිහින්ව ලිය භාජනයකට දමා එයට ළුණු කරපිංචා එකතු කර තම්බාගන්න.
- ඉන්පසු පොල් කහ කුරුඳු පොතු ගම්මිරිස් අබ එකට දමා අඹරා ගන්න.
- කොස්තැම්බී හොඳින් දිය සිඳුනු පසුව එයට අඹරාගත් පොල් මිශ්රණය මිශ්රකර මද ගින්නේ තබා පිස ගන්න.